රණවිරු රියල් ස්ටාර් දෙවන තැන දිනූ නායක ගුවන් භට දයාරත්නට උසස්වීමක්
රණවිරු රියල් ස්ටාර් හතරවන මෙහෙයුමෙහි දෙවන ස්ථානය ලබා ගුවන් හමුදාවට කීර්තියක් අත්කර දුන් නායක ගුවන් භට දේශාන් දයාරත්න නායක ගුවන් භට නිළයේ සිට ස්ථිර කෝප‍්‍රල් නිලය දක්වා උසස් කිරීම පසුගිය දා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කෝලිත ගුණතිලක විසින් සිදුකරන ලදී.
දේශාන් දයාරත්න මෙහෙයුම් භූමි වෘත්තියේ සේවයේ යෙදී සිටින අතර පොලොන්නරුව ඉරඳකොටුවැව මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි. සරත් දයාරත්න මහතා හා එස්ජී රම්‍යලතා මහත්මියගේ එකම පුතණුවන් වන මොහු හට සහෝදරියන් දෙදෙනෙකුද සිටියි. 
