අන්තර් ඒකක පාපැදි තරඟාවළිය 2014

2014 ශ‍්‍රී ලංකා ගුවන් හමුදා අන්තර් ඒකක පාපැදි තරඟාවළිය පසුගිය සැප්තැම්බර් මස 4 වන දින කටුනායක ශ‍්‍රි ලංකා ගුවන් හමුදා කඳවුරේදී පැවැත්විණි. එහිදී කටුනායක ගුවන් හමුදා කඳවුරු 26 වෙනි රෙජිමේන්තු පක්‍ෂාංගය කාන්තා පිරිමි අංශ දෙකෙහිම ශූරතාවය දිනා ගනු ලැබූ අතර 26 වෙනි රෙජිමේන්තු පක්‍ෂාංග ”බී” කණ්ඩායම සහ බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපල ගුවන් හමුදා කඳවුර පිළිවෙලින් පිරිමි සහ කාන්තා අනුශූරතාවයට හිමිකම් කියන ලදී.

ගුවන් හමුදා සැපයුම් අධ්‍යක්‍ෂක සහ ගුවන් හමුදා පාපැදි සංගමයේ සභාපති එයාර් වයිස් කොමඩෝර් සුමංගල ඩයස් ප‍්‍රදාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වූ අතර කටුනායක ගුවන් හමුදා කඳවුරු වැඩබලන අණදෙන නිළධාරී ගෘාප් කැප්ටන් එම්ඩි රත්නායක  ඇතුළු නිළධාරීන් සෙසු නිළයන් රැුසක් මෙම අවස්ථාවට සහභාගී විය.

තරඟ ප‍්‍රථිපල

පිරිමි කණ්ඩායම් තරඟ ප‍්‍රථීපල
ශූරතාවය - කටුනායක ගුවන් හමුදා කඳවුරු 26වෙනි රෙජිමේන්තු පක්‍ෂාංග ”ඒ” කණ්ඩායම
අනු ශූරතාවය - කටුනායක ගුවන් හමුදා කඳවුරු 26වෙනි රෙජිමේන්තු පක්‍ෂාංග ”බී” කණ්ඩායම

කාන්තා කණ්ඩායම් තරඟ ප‍්‍රථීපල
ශූරතාවය - කටුනායක ගුවන් හමුදා කඳවුරු 26වෙනි රෙජිමේන්තු පක්‍ෂාංග කණ්ඩායම
අනු ශූරතාවය - බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපල ගුවන් හමුදා කඳවුරු කණ්ඩායම

පිරිමි ඒකල තරඟ ප‍්‍රථීපල
පළමු ස්ථානය - නායක ගුවන් භට කුමාර (ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසල ඒකල*
දෙවන ස්ථානය - නායක ගුවන් භට කුමාර (කටුනායක ගුවන් හමුදා කඳවුරු 26වෙනි රෙජිමේන්තු පක්‍ෂාංගය*
තුන්වන ස්ථානය - ගුවන් භට ෂෙල්ටන් (කටුනායක ගුවන් හමුදා කඳවුර*


කාන්තා ඒකල තරඟ ප‍්‍රථීපල
පළමු ස්ථානය - නායක ගුවන් කාන්තා හේරත් (කටුනායක ගුවන් හමුදා කඳවුරු 26වෙනි රෙජිමේන්තු පක්‍ෂාංගය*
දෙවන ස්ථානය - නායක ගුවන් කාන්තා දිලිනි (අනුරාධපුර ගුවන් හමුදා කඳවුර*
තුන්වන ස්ථානය - නායක ගුවන් කාන්තා වික‍්‍රමගේ (කටුනායක ගුවන් හමුදා කඳවුරු සැපයුම් හා නඩත්තු ඩිපෝව*
 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.