යුද්ධයෙන් මියගිය රණවිරුවන් සිහිකර ආශිර්වාද පිංකම් මාලාවක් ශ‍්‍රී ලංකා ගුවන් හමුදා හිඟුරක්ගොඩ කඳවුරේදී

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා මූලික කඳවුර හිගුරක්ගොඩ කඳවුරු අණදෙන නිිළධාරිතුමන් ඇතුලූ සියළුම සේවා පුද්ගලයින්ගේ සහභාගිත්වයෙන්  යුද්ධයෙන් මියගිය රණවිරුවන් සිහිකර ඔවුන්ට ආශිර්වාද පැතීමේ පිංකම් මාලාවක් 2014 නොවැම්බර් මස 13 සහ 14 යන දිනයන්හි දී සිදුකරන ලදී.

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා හිගුරක්ගොඩ කඳවෙුර් අංක 7 හෙලිකොප්ටර් බළඝණය සහ අංක 09 ප‍්‍රහාරක හෙලිකොප්ටර් බළඝණය එක්ව මියගිය රණවිරුවන් සිහිකර මෙම ආගමික උත්සවයන් සංවිධානය කරන ලදීී.

2014 නොවැම්බර් මස 13 වන දින  හතමූන මුස්ලිම් පල්ලියේ මියගිය රණවිරුවන් සිහිකර ආගමික උත්සවයක් පවත්වන ලද අතර කතෝලික ආගමික උත්සවය 2014 නොවැම්බර් මස 13 වන දින සිදු කරන ලදී. සර්වරාත‍්‍රික පිරිත් පිංකම් මාලාව 2014 නොවැම්බර් මස 14 වන දින සිට පසුදා පහන් වනතුරු පැවැත්විණ.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.