ගුවන් හමුදාව 2015 නව වසර සමරයි

ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව 2015 නව වසරේ වැඩ ආරම්භ කරමින් ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කෝලිත ගුණතිලක, ගුවන් හමුදා අධ්‍යක්‍ෂක මණ්ඩලය, ගුවන් හමුදා මූලස්ථානයේ සහ කොලඹ ගුවන් හමුදා කඳවුරේ නිළධාරීන්, සෙසු නිළයන් සහ සිවිල් සේවක මහත්ම මහත්මීන් අමතන ලදී. 2015 ජනවාරි මස 01 වන දින උදෑසන ගුවන් හමුදා මූලස්ථාන පරිශ‍්‍රයේදී උත්සවය පවත්වන ලදී.

මෙහිදී ගුවන් හමුදාධිපතිතුමන් විසින් ගෙවී ගිය වසර තුළදී ගුවන් හමුදා සාමාජික සාමාජිකාවන් විසින් ගුවන් හමුදාවේ අභිවෘත්ධිය වෙනුවෙන් දක්වන ලද කැපවීම අගයන ලදී. එසේම එළැඹෙන වසර තුළදීත් එම දායකත්වය ගුවන් හමුදාවට ලබාදෙන ලෙසටත් කැපවීමෙන් උත්සාහයෙන් ගුවන් හමුදාවෙන් දේශයට විය යුතු දායකත්වය නොඅඩුව ලබා දීමට කැපවෙන ලෙසටත් ප‍්‍රකාශ කරන ලදී.

ත‍්‍රස්ථවාදය දේශයෙන් තුරන් කිරීමෙන් පසුව අද වන විට රටේ වැඩිදියුණුකම් රාශියක් සිදුවී තිබෙන බවත් එම වැඩි දියුණු කිරීම් සඳහා ගුවන් හමුදාවද දායකත්වය සපයා ඇති බව ගුවන් හමුදාධිපතිතුමන් අවධාරණය කරන ලදී. එසේම රටට අදත් අනාගතයේදීත් එල්ල විය හැකි අනතුරු තර්ජන පිළිබඳව නිසි අවධානයෙන් සිටිය යුතු බවත් පවසන ලදී.

ගුවන් හමුදාධිපතිතුමන් ගුවන් හමුදා සමාජික සමාජිකාවන් ඇමතීමෙන් අනතුරුව ගුවන් හමුදාවට, ගුවන් හමුදා සාමාජික සමාජිකාවන්ට සහ ඔවුන්ගේ පවුල්වලට මෙන්ම මුළු රටටම සෙත් පතා සර්ව ආගමික ආශිර්වාද පූජාවක්ද පවත්වන ලදි.

 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.