ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව 67 වන ජාතික නිදහස් දින පෙලපාලියට එක්වෙයි

ශ‍්‍රී ලංකා ජාතික නිදහස් දින සැමරුම පසුගිය පෙබරවාරි මස 4 වන දින අති උත්කර්ශවත් අන්දමින් ශ‍්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේනතු ක‍්‍රීඩාංගනයේදි පවත්වන ලදී.

ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමන් සහ එම මැතිණිය, අග‍්‍රාමාත්‍යතුමන්, කථානායකතුමන්, බස්නාහිර පලාත් ආණ්ඩුකාරතුමන්, මැති ඇමතිවරුන්, අග‍්‍රවිනිශ්චයකාරතුමන්, ත‍්‍රිවිධහමුදාධිපතිවරුන් සහ පෙලිස්පති ඇතුළු දේශිය ආරාධිතයින් විශාල පිරිසක් මෙන්ම විවිධ ආගමික පූජක උතුමන්ලා, විවිධ රටවල තානාපතිවරුන් ඇතුළු විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් මෙවර ජාතික නිදහස් දිනය සමරන ලදි.

ජාතික ධජය එසවීමෙන් නිදහස් දින සැමරුම් උත්සවය ආරම්භ කරන ලදී. අනතුරුව ති‍්‍රවිධ හමුදාධිපතිවරුන් විසින් ජනාධිපතිතුමන්ව විශේෂ පීඨිකාව වෙත කැඳවාගෙන යනුලැබූ අතර පාසල් සිසුවියන් 25 දෙනෙකු විසින් ජයමංගලගාථා ගායනා කරන ලදී.

අනතුරුව උත්තමාචාර පෙළපාලිය ආරම්භ වූ අතර ත‍්‍රිවිධ හමුදා වර්ණ බලඝණයන් විසින් ජනාධිපති සම්මාන පුද කිරීමක් සිදු කරන ලදී. අනතුරුව, ජනාධිපතිතුමන් විසින් ජාතිය අමතන ලදී.

නිළධාරීන් 33 න් දෙනෙකු ගුවන් භටයින් ගුවන් කාන්තාවන් 350 දෙනෙකුගෙන් සමන්විත වූ කණ්ඩායමක් නිදහස් දින සැමරුම් පෙළපාලියට ගුවන් හමුදා අභිමානය එක්කරමින් සහභාගී වූහ. විංග් කමාන්ඩර් රුවන් චන්දිම බලඝණ පහකින් සමන්විත ගුවන් හමුදා පෙළපාලියට අණදෙන ලදි.




SLAF CTS Diyatalawa Celebrates 67th Independence Day

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.