ශ‍්‍රී ලංකා ගුවන් හමුදා 10 වන විවෘත ස්කොෂ් ශූරතාවය

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා 10 වන විවෘත ස්කොෂ් තරඟාවළිය ක‍්‍රිඩක ක‍්‍රීඩිකාවන් 300 කගේ සහභාගීත්වයෙන් පසුගිය පෙබරවාරි මස 7 වන දින සිට පෙබරවාරි 14 වන දින දක්වා රත්මලාන ශ‍්‍රී ලංකා ගුවන් හමුදා ස්කොෂ් ක‍්‍රිඩා සංකීර්ණයේදී පවත්වන ලදී.

කොළඹ ඞීඑස් සේනානායක විධ්‍යාලයේ රවිඳු ලක්සිරි සහ කොළඹ විශාකා විද්‍යාලයේ නදුනි ගුණවර්ධන විවෘත කාන්තා සහ පිරිමි ශූරතාවය දිනා ගන්නා ලදි.

දින අටක කාලයක් පුරාවට වයස අවු 13 න් පහල, 15 න් පහල, 17 න් පහල සහ 19 න් පහල වයස් කාණ්ඩයන් යටතේ තරඟාවලිය පවත්වන ලදි. මීට අමතරව කාන්තා සහ පිරිමි විවෘත, අව. 35 ට වැඩි, 2වු 45 ට වැඩි, අවු 50 ට වැඩි සහ කාන්තා සහ පිරිමි ආධුනික යන අංශ යටතේද තරඟ පවත්වන ලදි.

ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කෝලිත ගුණතිලක ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගීවු අතර ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතීනි රොෂානි ගුණතිලක මහත්මිය, ගුවන් හමුදා ස්කොෂ් සංචිතයේ සභාපති එයාර් වයිස් මාර්ෂල් එම්එල්කේ පෙරේරා, රත්මලාන ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් පීඞීකේටී ජයසිංහ, ශ‍්‍රී ලංකා ස්කොෂ් සම්මේලනයේ සභාපති කොමඩෝර් පාලිත වීරසිංහ, ගුවන් හමුදා නිලධාරීන් ඇතුළු විශාල පිහරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.


 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.