ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරයක

 ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ධූරයේ අළුතින් වැඩ භාරගනු ලැබූ ලුතිනන් ජෙනරාල් ක්‍රිශාන්ත ද සිල්වා  පසුගිය මාර්තු මස 09 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත විය. මෙහිදී නව යුද්ධ හමුදාධිපතිවරයා ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කෝලිත ගුණතිලක හමුවිය.

ගුවන් හමුදා මූලස්ථානයට පැමිණි නව යුධ හමුදාධිපති වෙත පිරිනමන ලද උත්තමාචාර පෙළපාලියට ෆ්ලයිට් ලෙෆ්ටිනන් ඕඩබ්කේපී ඕවිටිපාන විසින් අණ දෙනු ලැබූ අතර පෙළපාලිය අවසානයේ යුද්ධ හමුදාධිපති ගුවන් හමුදා මූලස්ථානය වෙත පිළිගැනීම ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කෝලිත ගුණතිලක, කොළඹ ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් ප්‍රසන්න පායෝ සහ තවත් ගුවන් හමුදා නිළධාරීන් කිහිප දෙනෙකු විසින් සිදු කරන ලදී.

මෙහිදී නව යුද්ධ හමුදාධිපති හා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කෝලිත ගුණතිලක අතර සුහද හමුවක් පැවති අතර අවසානයේ සමරු ඵලක හුවමාරුවක්ද සිදු කරන ලදී. නව යුධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ක්‍රීශාන්ත ද සිල්වා ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාර්ෂල් ගගන් බුලත්සිංහල, ගුවන් හමුදා අධ්‍යක්ෂක මණ්ඩලයේ සාමාජිකයින් ද හමුවිය.


 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.