පළමු කාන්තා මල්ලවපොර තරඟාවළියේ ජය ගුවන් හමුදා ක්‍රීඩිකාවන්ට

ශ්‍රී ලංකා ගුවන් හමුදා කාන්තා මල්ලවපොර ක්‍රීඩිකාවෝ පළමු ජාතික කාන්තා මල්ලවපොර තරඟාවළියේ ශූරතාවය දිනා ගැනීමට සමත් විය. තරඟාවළිය නාවලපිටිය ජයතිලක ක්‍රීඩාගාරයේදී පසුගිය අප්‍රේල් මස 05 වන දින පවත්වන ලදී. බරපන්ති 9 ක් යටතේ පැවති මෙම තරඟාවළියේදි ගුවන් හමුදා ක්‍රීඩිකාවෝ රන් පදක්කම් 6ක්, රිදී පදක්කම් 2 ක් සහ ලෝකඩ පදක්කම් 1 ක් දිනා ගැනීමට සමත් විය.

ගුවන් කාන්තා කරැණාසේන එච්ඒඑන් (කි ග්‍රෑ 48), නායක ගුවන් කාන්තා කුමාරි එම්ඩබ්ඩීඑමපී (කි ග්‍රෑ 55), නායක ගුවන් කාන්තා ප්‍රියංගා එමඩබ්ඩීඑම් (කි ග්‍රෑ 58), නායක ගුවන් කාන්තා රෑපසිංහ ආර්එම්කේඑම් (කි ග්‍රෑ 63), නායක ගුවන් කාන්තා සෙනෙවිරත්න ජීජීඒ (කි ග්‍රෑ 69) සහ ගුවන් කාන්තා වීරසිංහ ඩබ්ඊසීකේ (කි ග්‍රෑ 75) රන් පදක්කම් දිනා ගන්නා ලදී. නායක ගුවන් කාන්තා වික්‍රමපාල කේකේඩීපී (කි ග්‍රෑ 60) සහ නායක ගුවන් කාන්තා සඳුනිකා ඒඑම්ඩබ් (කි ග්‍රෑ 75) විසින් රිදී පදක්කම් දෙක දිනා ගනු ලැබූ අතර ගුවන් කාන්තා මධුවන්ති ආර්ඒකේ (කි ග්‍රෑ 60) විසින් ලෝකඩ පදක්කම දිනා ගන්නා ලදී.

මෙම තරඟාවළියේදී ගුවන් හමුදා පිරිමි  මල්ලවපොර කණ්ඩායම රන් පදක්කම් 1ක්, රිදී පදක්කම් 5ක් සහ ලෝකඩ පදක්කම් 4 ක් ලබා ගනිමින් අනු ශූරතාවය දිනා ගන්නා ලදී.


 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.