අංක 91 ගුවන් භට සහ අංක 08 ගුවන් කාන්තා අවිකරු මූලික පාඨමාලාව විසිර යයි

අංක 91 ගුවන් භට සහ අංක 08 ගුවන් කාන්තා අවිකරු මූලික පාඨමාලාව හැදෑරූ ගුවන් භටයින් 282 ක් සහ ගුවන් කාන්තාවන් 35 දෙනෙකු තම පාඨමාලාවන් සාර්ථකව නිමා කරමින් පසුගිය අප්‍රේල් මස  10 වන දින විසිර යන ලදී. විසිර යාමේ පෙළපාලිය වන්නි ගුවන් හමුදා රෙජිමේන්තු පුහුණු පාසලේදී පවත්වන ලදී.

මෙම පාඨමාලාවට සරඹ, අවි පුහුණුව, උපක්‍රම, සිතියම් කියවීම, වෙඩි තැබීම, ගුවන් ක ඳවුරු ආරක්ෂාව, වනගත පුහුණුවීම් සහ ශාරීරික අභ්‍යාස මෙන්ම ඉංග්‍රීසි, නායකත්ව පුහුණු, ප්‍රථමාධාර ආදිය පිළිබඳවද පුහුණුවක් ලබාදෙන ලදී. පාඨමාලාව සති 14 ක කාළයක් පවත්වනු ලැබිණි.

වන්නි ගුවන් හමුදා ෙරජිෙම්න්තු පුහුණු පාසල් කඳවුරු අණෙදන  නිළධාරී වින්ග් කමාන්ඩර් රුක්මන් දසනායක ප්‍රධාන අාරාධිත අමුත්තා වශෙයන් විසිර යාමේ පෙළපාලියට සහභාගී විය. 45257 ගුවන් භට ප්‍රදීප් කුමාර ටීඒජේ සෑම අතින්ම දක්ෂ ගුවන් භටයාට හිමි සම්මානය හිමි කර ගත් අතර ඒ ඩබ් 3751 ගුවන් කාන්තා විජේවර්ධන කේපීඅයිඑම් සෑම අතින්ම දක්ෂ ගුව්න කාන්තාවට හිමි සම්මානය හිමිකරගත්තාය.
 
අංක 91 ගුවන් භට මූලික අවිකරැ පාඨමාලාව
සෑම අතින්ම දක්ෂ ගුවන් භටයා - 45257 ගුවන් භට ප්‍රදීප් කුමාර ටීඒජේ
දක්ෂතම වෙඩික්කරු - 45747 ගුවන් භට ලක්මාල් ආර්ඩීඑච්
දක්ෂතම ශීෂ්‍යයා - 45720 ගුවන් භට සමරකෝන් එස්එම්පීකේ
සරඹ අතින් දක්ෂතම ගුවන් භටයා - 45794 ගුවන් භට අසන්ක එම්ජීඩබ්
ශාරීරික යෝග්‍යතාව අතින් දක්ෂතම ගුවන් භටයා - 45888 ගුවන් භට පෙරේරා ජීඑන්එම්
 
 
අංක 08 ගුවන් කාන්තා මූලික අවිකරැ පාඨමාලාව
සෑම අතින්ම දක්ෂ ගුවන් කාන්තාව - ඒ ඩබ් 3751 ගුවන් කාන්තා විජේවර්ධන කේපීඅයිඑම්
දක්ෂතම වෙඩික්කාරිය - ඒ ඩබ් 3698 ගුවන් කාන්තා සංජීවනී ඩීජීඑස්
දක්ෂතම ශීෂ්‍යයාව - ඒ ඩබ් 3896 ගුවන් කාන්තා රත්නායක ආර්එම්පීකේ
සරඹ අතින් දක්ෂතම ගුවන් කාන්තාව - ඒ ඩබ් 3710 ගුවන් කාන්තා ක්‍රිශාන්ති ඩීඒ
ශාරීරික යෝග්‍යතාව අතින් දක්ෂතම ගුවන් කාන්තාව - ඒ ඩබ් 3696 ගුවන් කාන්තා රත්නායක ආර්එම්පීකේ

 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.