ගුවන් හමුදා වෙසක් බැති ගී සරණිය 2015

2604 වෙනි සම්බුද්ධත්ව ජයන්තිය සමරමින් ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින් පසුගිය මැයි මස 4 වන දින වෙසක් බැති ගී වැඩසටහනක් වෙසක් බැති ගී සරණිය නමින් කොළම ගුවන් හමුදා කඳවුරු රයිෆල් ග්‍රීන් ක්‍රීඩාංගනයේදී පවත්වන ලදි.

ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කෝලිත ගුණතිලක ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් මෙම අවස්ථාවට සහභාගගී විය.  කෙළඹ ගුවන් හමුදා කඳවුරැ අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් ප්‍රසන්න පායෝ ප්‍රධාන ආරාධිත අමුත්තා සහ ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී රොෂානි ගුණතිලක මහත්මිය පිළිගැනීම සිදු කරන ලදි.

මෙවර වෙසක් බැලි ගී සරණිය බොදු බැති ගී 13කින් සහ සඳ කිඳුරැ ජාතකය මුද්‍රා නාට්‍යයකින්ද සමත්විත විය. ගීත ගායනය ගුවන් හමුදා  ගායනා අංශය විසින් ඉදිරිපත් කරන ලද අතර සංගීතය ගුවන් හමුදා පෙරදිග වාද්‍ය වෘන්දය විසින් සපයන ලදී. සඳ කිඳුරු ජාතකය මුද්‍රා නාට්‍යය  ගුවන් හමුදා නාට්‍ය අංශය මගින් ඉදිරිපත් කරන ලදි.

ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී එයවාර් වයිස් මාර්ෂල් ගගන් බුලත්සිංහල, ගුවන් හමුදා අද්‍යක්ෂක මණ්ඩලය, නිළධාරීන, සෙසු නිලයන් සහ පවුල්වල සාමාජික සාමාජිකාවන් මෙන්ම වෙසක් සිරි නැරඹීමට පැමිණි විශාල පිරිසක්ද මෙමඅ වස්ථාවට සහභාගී වූහ.






ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.