ගුවන් හමුදා විවෘත බැඩ්මින්ටන් තරඟාවලිය - 2015

ශ්‍රී ලංකා ගුවන් හමුදාව මගින් සංවිධානය කරනු ලැබූ ගුවන් හමුදා විවෘත බැඩ්මින්ටන් තරඟාවලියේ සමාරම්භය ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කෝලිත ගුණතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් 2015 ජුනි මස 10 වන දින උදෑසන 0900 පැයට ශ්‍රී ලංකා ගුවන් හමුදා තුම්මුල්ල සෞඛ්‍ය කළමණාකරණ මධ්‍යස්ථානයේදී ආරම්භ විය. මෙම තරඟාවලියේ ප්‍රධාන අරමුණ වන්නේ බැඩ්මින්ටන් ක්‍රීඩාව ලංකාව තුල ප්‍රචලිත කිරීම, බැඩ්මින්ටන් ක්‍රීඩකයින් දිරිගැන්වීම හා ඔවුන් අතර තරඟකාරිත්වය ඇති කිරීමයි.

මෙම තරඟාවලිය ලෝක බැඩ්මින්ටන් පදනමේ අනුමැතිය ලත් නීති රීති වලට අනුකූලව ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සම්මේලනයේ සහයෝගය ද ඇතිව ප්‍රථම වරට සංවිධානය කරනු ලබයි.

ගුවන් හමුදාධිපතිතුමාගේ සංකල්පයක් මත ආරම්භ වූ මෙම තරඟාවලියේ සමාරම්භය සනිටුහන් කරමින් ගුවන් හමුදාධිපතිතුමා විසින් ප්‍රකාශ කර සිටියේ තරඟාවලිය අවසානයේ ජයග්‍රහණය එක් අයෙකුට පමණක් හිමි වුවත් සෙසු සියලූම ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට හොඳ තරඟාවලියක අත්දැකීම් සහ මතකයන් ඉතා වැදගත් වන බවයි.

දින හතරක් පුරා පැවැත්වෙන මෙම බැඩ්මින්ටන් තරඟාවලිය සදහා ජාතික මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 124 දෙනෙකු ලියාපදිංචි වී ඇති අතර සමස්ථ තරඟාවලියේ ජයග්‍රාහකයන් සඳහා ලක‍ෂ හතරක (400,000.00) මුදල් ත්‍යාග පිරිනැමීමට ගුවන් හමුදාව කටයුතු යොදා ඇත.

අවසන් ත්‍යාග ප්‍රධානෝත්සවය 2015 ජුනි මස 13 වන දින සවස 4.30 ට ශ්‍රී ලංකා ගුවන් හමුදා තුම්මුල්ල සෞඛ්‍ය කළමණාකරණ මධ්‍යස්ථානයේදී ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කෝලිත ගුණතිලක මහතාගේ හා අනෙකුත් ගෞරවනීය අමුත්තන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට කටයුතු සංවිධානය කොට ඇත.
 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.