ගුවන් හමුදාපතිතුමන් අනුරාධපුර ශ්‍රී මහා බෝධිය වැඳ පුදාගනී

නව ගුවන් හමුදාධිපති ලෙස පත්වූ එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතා තම ධූරයේ වැඩ භාරගැනීම වෙනුවෙන් ආශිර්වාද ලබා ගැනීම සඳහා 2015 ජුනි මස 28 වන දින අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳපුදා ගත්තේය.

ගුවන් හමුදාපතිතුමන් අඨමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම සිරිනිවස නාහිමියන් බැහැදැක ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳපුදා ගත් අතර රුවන්වැලි මහාසෑ හා ඉසුරුමුණි විහාර ද වැඳපුදා ගන්නා ලදී.

ගුවන් හමුදාධිපතිතුමන් රුවන්වැලි මහසෑ විහාරාධිපති පල්ලේගම හේමරතන නාහිමියන් හා ඉසුරුමුණි විහාරාධිපති මතව ශ්‍රී සුමංගල නාහිමියන් ද බැහැදැක ආශිරිවාද ලබාගත්තේය.

මෙම අවස්ථාවට ගුවන් හමුදාපතිතුමන්ගේ පවුලේ සමාජිකයන් හා ගුවන් හමුදා සාමාජික සාමාජිකාවන් පිරිසක් සහභාගී විය.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.