ශී‍්‍ර ලංකා ගුවන් හමුදාවෙි බෝමිබ නිෂ්කි‍්‍රය මුලික පාඨමාලාව සදහා නිළ ලාංචන ප‍්‍රදානය කෙරේ

ශී‍්‍ර ලංකා ගුවන් හමුදාවෙි බෝමිබ නිෂ්කි‍්‍රය පුහුණු පාසැල මගින් පැවැත්වූ අංක 29 වන නිළධාරී අංක 44 වන ගුවන් භට හා අංක 20 වන නාවික හමුදා බෝමිබ නිෂ්කි‍්‍රය පාඨමාලාවන් සදහා නිළ ලාංචන ප‍්‍රදානය කිරීම 2015 ජුලි මස 07 වන දින ශී‍්‍ර ලංකා ගුවන් හමුදා පාලවී කදවුරේදී සාර්ථකව අවසන් කරන ලදි. මාස පහක් පුරා පැවැත්වුණු මෙම පාඨමාලාව සදහා ගුවන් හමුදා නිළධාරීන් තුන් දෙනෙක්ද නාවික හමුදා නිළධාරී දෙදෙනෙක්ද ගුවන් භටයින් හා නාවික නැවියන් තිස් තුන් දෙනෙකු සහභාගී වු මෙම පාඨමාලාව තිස්අට දෙනෙකුගෙන් යුත් පුහුණුවන්නන් පිරිසක් සිටියහ.

 ෆ්ලයින් ඔෆිසර් එචිඒඑස් මදුසංක සහ නායක ගුවන් භට කරුණාරත්න කේඒඒ හොදම බෝමිබ නිෂ්කී‍්‍රය නිළධාරියා හා ගුවන් භටයා යන ජයග‍්‍රහණ ලබා ගන්නා ලදි.

මෙම අවස්ථාව සදහා ප‍්‍රධාන ආධිත අමුත්තා වශයෙන් පාලවී කදවුරේ අණදෙන නිළධාරී නිෂාන්ත පි‍්‍රයදර්ශන සහභාගී වූ අතර මෙයට සහභාගී වූ අනෙක් නිළධාරී වූයේ බෝමිබ නිෂ්කි‍්‍රය පුහුණු පාසලේ අණදෙන නිළධාරී ස්කෝඩි‍්‍රරන් ලීඩර් ප‍්‍රසන්න වීරසිංහ සහ තවත් නිළධාරීන් හා සෙසු නිළධාරීන් සහභාගී විය.

 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.