අංක 62 අධිකාරී නොලත් නිළධාරී කළමණාකරණ පාඨමාලාවෙි සහතික පත් ප‍්‍රදානය කෙරේ.

අංක 62 අධිකාරී නොලත් නිළධාරී කළමණාකරණ පාඨමාලාවෙි සහතික පත් ප‍්‍රදානය පසුගිය 06 වන දින චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨ කදවුරු ගොඩබිමි ආරක්‍ෂක පුහුණු පාසැල් ශ‍්‍රවණාගාරයේදී පවත්වන ලදි. 
    
කනිෂ්ඨ අණදෙන්නන්ගේ මාණ්ඩලික පුහුණු පාසලේ අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් ජේපී වනිගතුංග ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වූ අතර චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨයේ පීඨාධිපති සාගර කොටකදෙණිය යන අයද මෙම අවස්ථාවට සහභාගී විය.

මෙම පාඨමාලාව සදහා ගුවන් හමුදා ජේ්‍යෂ්ඨ අධිකාරී නොලත් නිළධාරීන් 42 ක්ද කනිෂ්ඨ අධිකාරී නොලත් නිළධාරීන් 41 ක්ද යුධ හමුදාවෙි ජේ්‍යෂ්ඨ අදිකාරී නොලත් නිළධාරීන් 02 ක්ද නාවික හමුදාවෙි ප‍්‍රධාන සුලු නිළධාරීන් 02 ක්ද ඇතුලුව 87 දෙනෙකු මෙම පාඨමාලාව සාර්ථකව නිමා කරන ලදි.

කනිෂ්ඨ අංශයේ සෑම අතින්ම දක්‍ෂතම ශිස්‍යයා ලෙස සමිමාන හිමි කර ගැනීමට කනිෂ්ධ අණනොලත් නිළධාරී 27209 කෝප‍්‍රල් දුල්වල ඩීජීඒඩීකේ යන අය සමත් වූ අතර ජේ්‍යෂ්ඨ අංශයේ සෑම අතින්ම දක්‍ෂතම ශිස්‍යයා ලෙස සමිමාන හිමි කර ගැනීමට ජේ්‍යෂ්ඨ අණනොලත් නිළධාරී 21816 සැරයන් තුෂාරලාල් ඩීජීඑන් යන අය සමත් විය.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.