මාධ්‍ය දැනුවත් කිරීමේ හමුව සීගිරිය රැළි ධාවන තරගය - 2015

සීගිරිය රැළි ධාවන තරඟාවලිය - 2015 පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවක් 2015 ජුලි මස 15 වන දින පස්වරුවෙි ගුවන් හමුදා මුලස්ථාන ශ්‍රවණාගාරයේදී පැවැත්වීය. එහි අරමුණ වුයේ අගෝස්තු මස 02 දින පැවැත්වීමට නියමිත සීගිරිය රැළි ධාවන තරඟාවලියේ ප්‍රචාරණ කටයුතු සිදු කරන අකාරය පිළිබඳව සාකචිජා කිරීමයි.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව, ශ්‍රී ලංකා මෝටර් රථ ධාවකයින්ගේ සංගමය සමග එක්ව සංවිධානය කරනු ලබන සීගිරිය රැළි ධාවන තරඟාවලිය, වසර 07 ක් පුරාවට නොකඩවා පැවැත්වෙන අතර මෙම තරගාවලිය සදහා ලංකා බැංකුව මගින් ප්‍රධාන අනුග්‍රහය දක්වන අතර මුල්‍යමය අනුග්‍රහය සියැටි ආයතනය මගින් සිදු කෙරේ. මේ සදහා සම අනුග්‍රහකයන් ලෙස කටයුතු කරනු ලබන්නේ ස්ටැපෝර්ඩි මෝටර් සමාගම ඊ ටෙල් සමාගම හා මහජන බැංකුව විසිනි. ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව හා ඒබී සී මාධ්‍ය ජාලය මගින් විද්‍යුත් මාධ්‍ය අනුග්‍රහය දක්වන අතර මුද්‍රිත මාධ්‍ය අනුග්‍රහය සදහා ශ්‍රී ලංකා ප්‍රවෘත්ති පත්‍ර සමාගම මගින් සිදු කරනු ලබයි.

මාධ්‍ය හමුව අතරතුර ප්‍රධාන අනුග්‍රහක සමාගම විසින් අනුග්‍රහක චෙක්පත මෝටර් රථ ධාවකයින්ගේ සංගමයේ සභාපති එයාර් කොමඩෝර් ජේ එස් අයි විජේමාන්න හට ලබා දෙන ලදි. මෙම අවස්ථාව සදහා ගුවන් හමුදා මෝටර් රථ ධාවකයින්ගේ සංගමයේ සභාපති තුෂාර සිරිමාන්න ගුවන් හමුදා විධායක මාධ්‍ය නිළධාරී ගිහාන් සෙනෙවිරත්න ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩා කවුන්සිලයේ ලේකමි පද්මන් ද කොස්තා හා අනුග්‍රහකයින් නියෝජනය වන පරිදි ජ්‍යෂ්ඨ හා කනිෂ්ඨ නිළධාරීන් කිහිප දෙනෙකු සහභාගී විය.



ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.