ගුවන් හමුදාධිපති තුමාගේ වාර්ශික පරීක්ෂණය ගුවන් හමුදාව කොග්ගල හා කටුකුරුන්ද

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල  මැතිතුමාගේ වාර්ශික කඳවුරු පරීක්ෂණය 2015 ජූලි මස 17 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදාව කොග්ගල හා වීරවිල යන කඳවුරුවලදී පවත්වන ලදී.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව කොග්ගල කඳවුරේදී එහි අණදෙන නිලධාරී විංග් කමාන්ඩර් ෂෙහාන් විිජයනායක විසින් ගුවන් හමුදාධිපතිතුමා පිළිගනු ලැබූ අතර එහිදී මගදෙපස කන්ඩයක් මගින් ගුවන් හමුදාධිපති තුමන් හට උත්තමාචාර පුද කරනු ලැබීය.
 
ශ්‍රී ලංකා ගුවන් හමුදාව කටුකුරුන්ද කඳවුරේදී එහි අණදෙන නිලධාරී විංග් කමාන්ඩර් මොහාන් බාලසූරිය විසින් ගුවන් හමුදාධිපති තුමන්ව පිළිගන්නා ලැබූ අතර එහිදීද මාර්ග පෙළ කණ්ඩයක් මගින් ගුවන් හමුදාධිපති තුමන් වෙත උත්තමාචාර පුද කරන ලදී.

 මෙහිදී පසුගිය වර්ෂය තුල කල විශිෂ්ඨ සේවාව අගයමින් ඩබ් ඒ ජයවර්ධන (කම්කරු) සිවිල් මහතා ගුවන් හමුදාධිපති සමිමානයෙන් පිදුමි ලැබීය.
එම පරීක්ෂණයන් අවසානයේදී එම කඳවුරු වල සියළු සාමාජිකයින් හට කඳවුරු සංවිධානය වෙනුවෙන් කරන ලද වැඩ පිළිවෙලයන් සඳහා ස්තූති කරමින් ඒ අය අමතා කතා කරන ලදී.



ගුවන් හමුදාව කොග්ගල




ගුවන් හමුදාව කටුකුරුන්ද




ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.