සලාක සහායක සහ භෝජනාගාර භාරකරු මූලික පාඨමාලා සඳහා සහතික පත් ප්‍රදානය කෙරේ

සලාක සහායක සහ භෝජනාගාර භාරකරු මූලික පාඨමාලාව සඳහා සහතික පත් ප්‍රදානය කිරීම පසුගිය ජූලි මස 21 වන දින සීගිරිය ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුරු සත්කාරක කළමණාකරන පුහුණු පාසලේ දී පවත්වන ලදි.

සති 10 ක් පුරාවට පවත්වන ලද මූලික පුහුණු පාඨමාලාව හැදෑරූ සලාක සහායක වෘත්තීය ගුවන් භටයින් සනීපාරක්ෂාව, මුළුතැන්ගෙය සකසා ගැනීම, ආහාර වට්ටෝරු සැලසුම් කිරීම, පෙර අපර දෙදිග සූප ශාස්ත්‍රය, අතුරුපස සෑදීම සහ සෝස් වර්ග සහ පේස්ට්‍රි ආහාර සෑදීම පිළිබඳව පුහුණු වීම සිදු කරන ලදී. භොජනාගාර භාරකාරු පාඨමාලාව හදාරන ලද ගුවන් භටයින් සනීපාරක්ෂාව, භෝජනාගාර භාරකරුගේ වගකීම, නිළධාරී නිවස්නයන්හි ලිපිලේඛන කටයුතුල ගෘහපාලනය, අති විශේෂ අමුත්තන්ගේ උත්සව අවස්ථාවන් හි ක්‍රියා කිරීම, බීමහල්හි කියාපටිපාටිය ආදිය හදාරන ලදී.

උපකරණ ප්‍රතිපාදන හා ගිණුම් කිරීමේ ඒකකයේ අණදෙන නිලධාරී එයාර් කොමඩෝර් ජේ ආර් හේමසිංහ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් මෙම අවස්ථාවට සහභාගී වූ අතර සීගිරිය ගුවන් හමුදා කඳවුරේ නිළධාරීන් සහ සෙසු නිළයන් රැසක් මෙම අවස්ථාවට එක්විය.

මෙහිදී අංක 01/2015 සලාක සහායක සහ භෝජනාගාර භාරකරු පාඨමාලාව සාර්ථකව නිමා කරන ලද ගුවන් භටයින් 58 දෙනෙකුට මෙහිදී සහතික පත් ප්‍රදානය කරන ලදී. මෙහිදි සලාක සහායක පාඨමාලාවේ දක්ෂතම ශිෂ්‍යයාට හිමි සම්මානය 021755 නායක ගුවන් භට කස්තුරිආරච්චි කේඒඑස් හිමි කර ගත් අතර භෝජනාගාර භාරකරු පාඨමාලාවේ දක්ෂතම ශිෂ්‍යයාට හිමි සම්මානය 42450 නායක ගුවන් භට රත්නායක ආර්එම්එස්එස් හට හිමි විය.

 

 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.