ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනිය හා සේවා කාන්තාවන් සහ ක‍ඳවුරු සේවා වනිතා ඒකක සාමාජික සාමාජිකාවන් අතර හමුවක්

කඳවුරු සහ ඒකකයන්හි සේවා වනිතා ඒකකයන් මුහුණු දී ඇති ගැටළු සම්බන්ධව සාකච්ඡා කිරීම සඳහා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනිය හා සේවා කාන්තාවන් සහ ක‍ඳවුරු සේවා වනිතා ඒකක සාමාජික සාමාජිකාවන් අතර සාකච්ඡා මාලාවක් පැවැත්වීමට ගුවන් හමුදා සේවා වනිතා ඒකකය සැලසුම් කොට තිබේ. මෙම සාකච්ඡා මාලාව ආරම්භ කරමින් පසුගිය ජූලි මස 10 වන දින රත්මලාන ගුවන් හමුදා කඳවුරේදී පළමු සාකච්ඡාව ක‍ඳවුරේ සේවා වනිතා ඒකකයේ සාමාජිකාවන් සහ සේවා කාන්තාවන්ගේ සහභාගීත්වයෙන් පවත්වන ලදී.

මෙම සාකච්ඡා මාලාවේ දෙවන වැඩසටහන කටුනායක ගුවන් හමුදා කඳවුරේ දී පසුගිය ජූලි මස 22 වන දින පවත්වන ලදී. මෙහිදී සේවා වනිතා ඒකකයේ සභාපතිනී සමන්ති බුලත්සිංහල මහත්මිය ප්‍රධාන ආරාධිත අමුත්තිය වශයෙන් සහභාගී වූවාය. මෙහිදී සේවා වනිතා ඒකකයන් මුහුනු දෙන ගැටළු සාකච්ඡා කිරීම සිදුකරන ලද අතර වැඩසටහන අවසානයේදී සභාපතිතුමිය හා සහභාගී වූවන් අතර සුහද සාකච්ඡාවක් පවත්වන ලදී.


SLAF Base Ratmalana



SLAF Base Katunayake

 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.