සේවා වනිතා ඒකකය ඒකල කොටුගොඩ ශාන්ත මාර්ටින්ස් වැඩිහිටි නිවාසයේ සංචාරයක

සේවා වනිතා ඒකකයේ සමාජ සත්කාර වැඩසටහන් මාලාවේ තවත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසලේ දායකත්වයද ඇතිව ඒකල කොටුගොඩ මාර්ටිනස් වැඩිහිටි නිවාසයේ සංචාරයක නිරත විය.

මෙම වැඩසටහන ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිණි සමන්ති බුලත්සිංහල මහත්මියගේ අනුදැනුම ඇතිව ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් පසුගිය දින (24) සිදු කරන ලදි.

මෙහිදී සේවා වනිතා ඒකකයේ සභාපතිතුමිය වැඩිහිටි නිවාසයේ වෙසෙන විවිධ අබාධ සහිත කාන්තාවන් හා කාළය ගත කල අතර ඔවුන් සදහා දිවා ආහාරය සහ ත්‍යාග පාර්සලය බැගින් ප්‍රදානය කිරීමද සිදු කරන ලදි. එසේම ගුවන් හමුදා කැලිප්සෝ සංගීත කණ්ඩායම ඔවුන් සදහා මියුරු සංගීතයක් ලබා දෙන ලදි.

අනතුරුව එතුමිය ඒකළ ගුවන් හමුදා වෘත්තීය පාසලේ සේවා වනිතා ඒකකයේ සාමාජිකාවන් හා නිළධාරිණින් සමග සාකචිචජාවක් පවත්වමින් සේවා වනිතා ඒකකය මුහුණ දෙන ගැටලූ හා ප්‍රශ්ණ පිලිබදව වැඩිදුරටත් සාකචිචා කරන ලදි.


 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.