අංක 48 කණිෂ්ඨ අණ හා මාණ්ඩලික පාඨමාලාව විසිර යයි

අංක 48 කණිෂ්ඨ අණ හා මාණ්ඩලික පාඨමාලාෙවි සහතික පත් ප‍්‍රදානය ශී‍්‍ර ලංකා ගුවන් හමුදා චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨයේ කණිෂ්ඨ අණ හා මාණ්ඩලික පාසැල් ශ‍්‍රවණාගාරයේදී පසුගිය අගෝස්තු මස 03 වන දින පවත්වන ලදි. ගුවන් හමුදා සැපයුමි අධ්‍යක්‍ෂක එයාර් වයිස් මාර්ෂල් සුමංගල ඩයස් ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් මෙම අවස්ථාවට සහභාගී විය.

ශී‍්‍ර ලංකා ගුවන් හමුදාෙවි ස්කෝඩිරන් ලීඩර් හා ෆ්ලයිටි ලෙෆ්ටිනන් නිළයේ නිළධාරීන් 18 දෙනෙකුත් නාවික හමුදාෙවි ලෙෆ්ටිනන් කමාණ්ඩර් හා ලෙෆ්ටිනන් නිළයේ නිළධාරීන් 04 දෙනෙකු සහ බංගලාදේශ ගුවන් හමුදාෙවි ෆ්ලයිටි ලෙෆ්ටිනන් නිළයේ නිළධාරීන් 1 අයෙකුත් පාඨමාලාව හදාරන ලදි.

මෙම පාඨමාලාෙවි සදහන් සියලූම නිර්ණායකයන් සමිපූර්ණ කල නිළධාරීන් හට කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ ආරක්‍ෂක කළමණාකරණය පිලිබද පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් ප‍්‍රදානය කරන ලදි.

සති 14 කපමණ කාළයක් වූ මෙම පාඨමාලාව මගින් ගුවන් හමුදාෙවි නිළධාරීවරයෙකු වශයෙන් තම කාර්‍ය නිසි පරිදි ඉටු කිරීමට අවශ්‍ය දැනුම ලබා දීම සිදු කරනු ලබයි. මෙහිදී සේවා දැනුමට අමතරව ඉංගී‍්‍රසි හා පරඝණක දැනුම කථන හැකියාවන් පරීක්‍ෂණය විවිධ බාහිර ආයතන වෙත අධ්‍යාපන සංචාර කි‍්‍රඩා ශාරීරීක යෝග්‍යතා පරීක්‍ෂණ සිදු කරන ලදි.

 පාඨමාලා කාළය තුල ශාරීරික යෝත්‍යතාවයට මුලික තැනක් ලබා දීම සදහා ශාරීරික යෝග්‍යතා පුහුණුවීමි හා සමුහ කි‍්‍රඩා තරග ඇතුලත් කර තිබූ අතර එය ඉදිරි ජීවිතයේ දෛනික රාජකාරි කරගෙන යාම පහසු කරවීමට හොද ආරම්භයක් විය.

2015 අපේ‍්‍රල් මස 27 වන දින සිට 2015 අගෝස්තු මස 03 වන දින දක්වා පැවති මෙම පාඨමාලාවේ සෑම අතින්ම දක්‍ෂතම නිළධාරියා වශයෙන් ස්කෝඩිරන් ලීඩර් එන් කේ එන් එස් නානායක්කාර සමිමාන හිමි කර ගන්නා ලදි.

 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.