හොදම වෙබි අඩවි ප්‍රදානෝත්සවය - 2015

ශ්‍රී ලංකා ගුවන් හමුදා නිළ වෙබි අඩවිය වන (www.airforce.lk) රාජ්‍ය අංශයේ විශේෂිත වර්ගීකරණය යටතේ ජනප්‍රියතම වෙබි අඩවිය සදහා වූ රන් සමිමානය හා රාජ්‍ය අංශයේ වෙබි අඩවි අතරින් හොඳම නිළ වෙබ් අඩවිය වෙනුවෙන් දෙවන ස්ථානය දිනා ගනිමින් රිදී සමිමානයද අද දින (13) කොළඹ කින්ස්බරි හෝටල් පරිශ්‍රයේ පැවති සමිමාන ප්‍රධානෝත්සවයේදී ලබා ගන්නා ලදි.
 
රාජ්‍ය වෙබි අඩවි අතරින් රන් සමිමානය දිනා ගැනීමට ශ්‍රී ලංකා පාර්ලිමේන්තු වෙබි අඩවිය සමත් වූ අතර පිළිවෙලින් රිදී හා ලෝකඩ සමිමාන ශ්‍රී ලංකා ගුවන් හමුදා වෙබි අඩවිය හා ශ්‍රී ලංකා නාවික හමුදා වෙබි අඩවිය දිනා ගැනීමට සමත් විය. රාජ්‍ය අංශයෙන් ජනප්‍රියතම වෙබි අඩවිය සදහා වූ රන් සමිමානය  ශ්‍රී ලංකා ගුවන් හමුදා වෙබි අඩවිය දිනා ගැනීමට සමත් විය.

විද්‍යුත් හා විදුලි සංදේශන අධ්‍යක‍ෂක එයාර් වයිස් මාර්ෂල් ආර්.ජේ පතිරගේ තොරතුරු තාක්ෂණික අණදෙන නිළධාරී ගෘෘප් කැප්ටන් ඒ.එස් විතාන හා විධායක මාධ්‍ය නිළධාරී විංග් කමාණ්ඩර් ගිහාන් සෙනෙවිරත්න යන නිළධාරීන් මෙම සමිමාන ප්‍රධානෝත්සවය සදහා සහභාගී විය.

ගුවන් හමුදාව විසින් ලබාගත් මෙම ඡයග්‍රහණ සමිමානය ගුවන් හමුදාධිපති එයාර් මාෂල් ගගන් බුලත්සිංහල මැතිතුමා වෙත නිළ වශයෙන් භාරදිම ගුවන් හමුදා විද්‍යුත් හා විදුලි සංදේශන අධ්‍යක‍ෂක එයාර් වයිස් මාර්ෂල් ආර්.ජේ පතිරගේ , ප්‍රධාන තොරතුරු තාක්ෂණික නිළධාරී ගෘෘප් කැප්ටන් ඒ.එස් විතාන හා ගුවන් හමුදා විධායක මාධ්‍ය නිළධාරී විංග් කමාණ්ඩර් ගිහාන් සෙනෙවිරත්න යන නිළධාරීන් විසින් අද (14) උදැසන ගුවන් හමුදා මූලස්ථානයේදි සිදූ කරන ලදි.



  

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.