තුන්වන වාර්ෂික ඉන්දියානු ආරක්ෂක සංවාදයට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහභාගී වෙයි

තුන්වන ඉන්දු - ශ්‍රී ලංකා ආරක්ෂක සංවාදය අති සාර්ථක අයුරින් පසුගිය සැප්තැම්බර් මස 22 වන දින ඉන්දියාවේ නව දිල්ලි නුවරදී නිමාවට පත්විය. මෙය දෙරටේ ආරක්ෂක තත්වයන් පිළිබඳව සාකච්ඡා කරනු ලබන ඉතා වැදගත් සංවාදයක් වන අතර මෙහිදී දෙරටේ ආරක්ෂක ක්‍රියාකාරකම් පිළිබඳව පුළුල් වශයෙන් සාකච්ඡාවට බඳුන් කරනු ලැබීය.

මේ සඳහා සහභාගී වූ ශ්‍රී ලාංකික ධූත පිරිසට ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් කරැණාසේන හෙට්ටිආරච්චි මැතිතුමා, ශ්‍රී ලංකා යුධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා, නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ නැගෙනහිර නාවික බලප්‍රෙද්ශ ආඥාපති රියර් අද්මිරාල් එන්බීජේ රොසයිරෝ, ශ්‍රී ලංකා ගුවන් හමුදාව නියෝජනය කරමින් ගුවන් හමුදා සිවිල් ඉංජිනේරු අධ්‍යක්ෂක එයාර් වයිස් මාර්ෂල් සීආර් ගුරුසිංහ, ශ්‍රී ලංකා‍ වෙරළාරක්ෂක දෙපාර්තෙම්න්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් රියර් අද්මිරාල් ජීඩීඒඑස් විමලතුංග, නවදිල්ලි අගනුවර ශ්‍රී ලංකා නියෝජ්‍ය  මහකොමසාරිස් එම්ආර්කේ ලේනගල මහතා සහ ශ්‍රී ලංකා ආරක්ෂක අමාත්‍යාංශයේ විදේශ කටයුතු ජ්‍යේෂ්ඨ සහකාර ලේකම් ශෂීකලා ප්‍රේමවර්ධන මහත්මිය අයත් විය.

මෙහිදී ගුවන් හමුදාවට ඉතා වැදගත් වු මාතෘකාවන් කිහිපයක්ම සාකච්ඡෘවට බඳුන් වූ අතර එහිදී ආරක්ෂක අංශයන්ට ලබා දෙන ඉන්දීය පුහුණුවීම් අවස්ථාවන් වැඩි කිරීම, ගුවන් යානා සම්පූර්ණ අළුත්වැඩියා කටයුතු සිදු කිරීම,  ගුවන් ආරක්ෂණ අවි ආයුධ සම්බන්ධව ආදිය ඇතුළත් වේ. මෙහිදී ශ්‍රී ලංකා ගුවන් හමුදාවද ඉන්දීය ගුවන් හමුදාව වෙත ශ්‍රී ලංකාවේ කණිෂ්ඨ අණ හා මාණ්ඩලික පාඨමාලාවන් සහ අණ නොලත් නිළධාරීන්ගේ කළමණාකරන පාඨමාලාවන් ස‍්හා අවස්ථාව ලබා දී තිබේ.


 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.