ගුවන් හමුදා භෝජනාගාර සහායකයන් සඳහා ආහාර ආශ‍්‍රිත කැටයම් කැපීමේ පුහුණු පාඨමාලාවක්

ගුවන් හමුදා භෝජනාගාර සහායකයන් සඳහා පවත්වනු ලැබූ පළමු ආහාර ආශ‍්‍රිත කැටයම් කැපීමේ පුහුණු පාඨමාලාව පසුගිය 2015 සැප්තැම්බර් මස 14 දින සිට 2015 සැප්තැම්බර් මස 25 වන දින දක්වා කටුනායක ඊගල්ස් ලැගුන් වීව් උත්සව ශාලාවේදී පවත්වන ලදී.

පාඨමාලාවේ අවසන් නිර්මාණ දැක්ම හා සහතික පත් ප‍්‍රදානය පසුගිය සැප්තැම්බර් මස 25 වන දින පවත්වන ලද අතර විවිධ ගුවන් හමුදා කඳවුරු නියෝජනය කරමින් ගුවන් හමුදා භොජනාගාර සහායකයින් 12 දෙනෙකු පාඨමාලාව සඳහා සහභාගී වූහ. මෙම පාඨමාලාව ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතාගේ සංකල්පයකට අනුව  ආරම්භ කරන ලද අතර ගුවන් හමුදා සැපයුම් අධ්‍යක්‍ෂකගේ අණුදැනුම මත විනෝදාස්වාදය සැපයීමේ පක්‍ෂාංගයේ අණදෙන නිලධාරීගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ පවත්වන ලදී.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.