ප්‍රජා සංවර්ධන ව්‍යාපෘතියක් මුලතිව් ගුවන් හමුදා කඳවුරේදී

ශ්‍රී ලංකා ගුවන් හමුදා මුලතිව් කඳවුර අවට අඩු පහසුකම් සහිත පාසල් දරුවන්ට පාසල් උපකරණ සහ සිවිල් වැසියන් සඳහා ඇස් කණ්නාඩි බෙදා දීම සදහා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින් සංවිධානය කරන ලද ප්‍රජා සංවර්ධන ව්‍යාපෘතියක් අද (2015 ඔක්තෝබර් 29) දින ගුවන් හමුදා මුලතිව් කඳවුරේදී පැවැත්විය.


මෙය ශ්‍රී ලංකා ගුවන් හමුදා මුලතිව් කඳවුරු අණදෙන නිළධාරීතුමාගේ ඉල්ලීම මත ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිණී සමන්ති බුලත්සින්හල  මහත්මියගේ ප්‍රධානත්වයෙන් සංවිධානය කරන ලදී.

ප්‍රදේශයේ අඩු පහසුකම් සහිත පාසල් හඳුනාගෙන එම පාසල්වල සිසුන් 50 දෙනෙකු සඳහා පාසල් බෑග් හා පාසල් උපකරණ ලබාදීම ද මෙම ප්‍රදේශයේ සිවිල් වැසියන් 190 දෙනෙක් සඳහා අස් කණ්නාඩි බෙදාදීම ද මෙහිදී සිදු කරන ලදී.

ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ නිලධාරීන් සහ  ගුවන් හමුදා   මුලතිව් කඳවුරු අණදෙන නිළධාරී වින්ග් කමාන්ඩර් අනක මයුරවාසල හා මුලතිව් කඳවුරේ නිලධාරීන් සහ සෙසු නිළයන් පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.


ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.