ගුවන් හමුදාධිපතිතුමාගේ වාර්ෂික පරීක්ෂණය ගුවන් හමුදා මූලික කඳවුර අනුරාධපුර

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මැතිතුමාගේ් වාර්ෂික කඳවුරු පරීක්ෂණය 2015 ඔක්තෝම්බර් මස 30 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදාව අනුරාධපුර මූලික කඳවුරේදී පවත්වන ලදී. ශ්‍රී ලංකා ගුවන් හමුදාව අනුරාධපුරය මූලික කඳවුරේ අණදෙන නිළධාරී ගෘෘප් කැප්ටන් වී බී එදිරිසිංහ විසින් ගුවන් හමුදාධිපතිතුමන්ව පිළිගනු ලැබූ අතර එහිදී උත්තමාචාර පෙළපාලියක් මගින් එතුමන් වෙත උපහාර පුද කරන ලදී.

මෙහිදී පසුගිය වර්ෂය තුළ කදවුර වෙනුවෙන් කළ විශිෂ්ඨ සේවාව අගයමින් 19034 බල/ සැරයන් බණ්ඩාර ටී ඒ එස් (ලෝහ තහඩු කාර්මික ශිල්පී), 19889 සැරයන් වික්‍රමසිංහ ඩබිඒ එස් (අවිකරු), 24841 සැරයන් ජයතිලක එස් ජී එන් කේ (ගිණුමි සහායක) යන සේවා පුද්ගලයන්ට අමතරව ඩබි පී රත්නායක (කමිකරු) සහ  කේ ඩී වී සිරිවර්ධන යන සිවිල් මහතුන් ගුවන් හමුදාධිපති සම්මානයෙන් පිදුම් ලැබීය.
 
අනතුරුව ගුවන් හමුදාධිපතිතුමන් විසින් කදවුරු පරීක‍ෂණය සිදුකරමින් සියලූ ස්ථාන පරීක‍ෂා කල අතර කදවුරේ තොරතුරු තාක‍ෂණ ඒකකය සදහා අලූතින් ඉදිකර ස්ථාපිත කරන ලද පරිඝණක පුහුණු අංශය එතුමන් විසින් විවෘත කරන ලදි.

පරීක්ෂණය අවසානයේදී කඳවුරේ සියලූම නිළධාරීන් , සෙසු නිළයන් හා සියලූම සිවිල් සේවකයන් හට කඳවුරු සංවිධානය වෙනුවෙන් කරන ලද වැඩ පිලිවෙල වෙනුවෙන් ස්තූතිය සිදු කල අතර ගුවන් හමුදාවේ තත්වය උසස් මටිටමින් පවත්වාගෙන යාම සදහා සියලූ දෙනාගේ සහයෝගය සෑම විටම ගුවන් හමුදාව වෙත ලැබිය යුතු බව අවධාරණය කරන ලදි.    



 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.