ශ්‍රී ලංකා ගුවන් හමුදා පාලවී කදවුර සිය 08 වන සංවත්සරය සමරයි

පාලවී ගුවන් හමුදා කදවුර 2015 නොවැමිබර් මස 01 වන දින එම කදවුරේ අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් නිශාන්ත ප්‍රියදර්ශන නිළධාරීගේ මගපෙන්වීම හා කදවුරේ සියලූම නිළධාරීන් සෙසු නිළයන් හා සිවිල් කාර්‍ය මණ්ඩලයේ සහභාගීත්වයෙන් සිය 08 වන සංවත්සර දිනය සමරනු ලැබුහ.

සංවත්සර දිනයට සමගාමීව බහු ආගමික උත්සවයක් සිදු කරනු ලැබූ අතර එහිදී ගුවන් හමුදාපතිතුමන් හට, පාලවී ගුවන් හමුදා කදවුරට, ශ්‍රී ලංකා ගුවන් හමුදා අභිවෘද්ධිය අනාගත ප්‍රයත්නයන් වෙනුවෙන් සහ තම මාතෘ භූමිය වෙනුවෙන් ජීවිතය පූජා කල පුද්ගලයන්ල තුවාල ලැබූ පුද්ගලයන් ඇතුලූ ශ්‍රී ලංකා ගුවන් හමුදා සියලූ සේවක පිරිස් සදහා ආශිර්වාද කිරීම මෙහිදී සිදු කරන ලදි.
 
මෙදින සංවත්සර දින පෙළපලිය කදවුරේ වැඩ බලන අණදෙන නිළධාරී ස්කොඩ්‍රන්න් ලීඩර් පීජීබී මඩගෙවත්ත නිළධාරීගේ ප්‍රධානත්වයෙන් කදවුරු පරිශ්‍රයේ පැවැත්වූණි. මීට අමතරව කදවුරේ සියලූම සේවා පුද්ගලයන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් පවත්වන ලදි.


 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.