ශ්‍රී ලංකා ගුවන් හමුදා ඉංග්‍රීසි භාෂා දිනය 2015

ඒකල ශ‍්‍රී ලංකා ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසලේ භාෂා ඒකකය මගින් නොකඩවා හත්වෙනි වරටත් සංවිධානය කරනු ලැබූ ශ්‍රී ලංකා ගුවන් හමුදා ”ඉංග්‍රීසි භාෂා දිනය” ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසල් ශ‍්‍රවණාගාරයේදී  අද (2015 නොවැම්බර් 06) දින පවත්වන ලදී.

වාර්ෂික ඉංග‍්‍රීසි භාෂා දිනය පැවැත්වීම මගින් ගුවන් හමුදාවේ සේවය කරනු ලබන නිළධාරීන් සහ ගුවන් භට ගුවන් කාන්තාවන් ගේ ඉංගී‍්‍රසි භාෂා දැනුම වර්ධනය කරලීම අරමුණ වෙයි. එසේම තම තමන්ගේ හැකියාවන් ප‍්‍රදර්ශනය කිරීමටද මෙමගින් අවස්ථාව හිමිවේ.

ඉංග‍්‍රීසි භාෂා දින වැඩසටහන නාට්‍යය, ගද්‍යය, පද්‍යය රචනා, කථික, ආදී නොයෙකුත් අංශයන් යටතේ පවත්වන ලදී. ඒ අතරින් ජයග‍්‍රහණය කරන ලද ජයග‍්‍රාහක ජයග‍්‍රාහිකාවන් හට ඉංග‍්‍රීසි භාෂා දිනයේදී තම හැකියාවන් ප‍්‍රදර්ශන කිරීමේ අවස්ථාව හිමි විය.

ගුවන් හයමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහලමහතා ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් මෙම අවස්ථාවට සහභාගී වූ අතර ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී සමන්ති බුලත්සිංහල මහත්මිය, ගුවන් හමුදා අධ්‍යක්‍ෂ මණ්ඩලය, ජ්‍යේෂ්ඨ නිළධාරීන්, නිළධාරීන් සහ සෙසු නිළයන් රැුසක් මෙම අවස්ථාවට එක් වූහ.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.