දිවි පිදු රණවිරුවන් හට ආචාර කරමින් පොපි දිනය සමරයි

2015 වර්ෂය සදහා පොපි දිනය සමරමින් ලෝක යුද්ධය ඇතුලූ දිවි පිදු සියලූ රණවිරුවන් සිහි කරමින් ශී‍්‍ර ලංකා විශ‍්‍රාමික සේවා පුද්ගලයන්ගේ සංගමය විසින් සංවිධානය කල රණවිරු අනුස්මරණ උත්සවය 2015 නොවැමිබර් මස 08 වන දින විහාරමහා දේවි උද්‍යාන ස්මාරකය අභියසදී පැවැත්වුණි.

ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක අමාත්‍යංශ ලේකමි කරුණාසේන හෙටිටිආරචිචි මහතා සහභාගී වූ අතර ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතා සමගින් යුධ හමුදාපති ලූතිනන් ජෙනරල් කි‍්‍රෂාන්ත ද සිල්වා සහ නාවික හමුදාපති වයිස් අද්මිරාල් ආර් සී විජේගුණරත්න යන ති‍්‍රවිධ හමුදාපතිවරුන් මෙම අවස්ථාවට සහභාගී වූහ.


ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.