කටුකුරුන්ද ගුවන් හමුදා කඳවුරේ පිරිත් සජ්ජායනාවක්

ගුවන් හමුදාවට සෙත් පතා සර්ව රාත‍්‍රික පිරිත් සජ්ජායනාවක් සහ දානමය පුණ්‍යකර්මයක් පසුගිය නොවැම්බර් මස 5 සහ 6 යන දෙදින තුළදී කටුකුරුන්ද ගුවන් හමුදා කඳවුරේදී පවත්වන ලදී. කටුකුරුන්ද ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් මොහාන් බාලසූරියගේ ප‍්‍රධානත්වයෙන් පවත්වන ලද මෙම පුණ්‍ය කර්මය කඳවුරු මූලස්ථාන ගොඩනැගිල්ල ප‍්‍රතිසංස්කරණය කිරීමෙන් අනතුරුව රාජකාරී ආරම්භ කිරීම සහ කටුකුරුන්ද ගුවන් හමුදා කඳවුරට වසර 31 ක් පිරීම නිමිත්තෙන් පවත්වන ලදී.

පිරිත් සජ්ජායනාව සහ දානමය පුණ්‍ය කර්මය සඳහා කරඬුව වැඩමවීම සහ ස්වාමීන් වහන්සේලා වැඩම කරවීම ගුවන් හමුදා සාමජිකයින් විසින් දේශීය නර්තනයන්ගෙන් සමන්විත අලංකාර පෙරහැරකින් සිදු කරන ලදී. මෙම අවස්ථාවට කටුකුරුන්ද ගුවන් හමුදා කඳවුරේ පළමු අණදෙන නිළධාරී විශ‍්‍රාමික ෆ්ලයිට් ලෙෆ්ටිනන් එස් එදිරිසූරිය (1984-1989) ද සහභාගී විය.

මෙහිදී දේශය .වෙනුවෙන් දිවි පිදූ අභීත ගුවන් හමුදා විරුවන් , කඳවුරු අණදෙන නිළධාරීතුමන් ඇතුළු කඳවුරු සාමාජික සාමාජිකාවන් මෙන්ම ගුවන් හමුදාධිපතිතුමන් ඇතුලු සියළුම ගුවන් හමුදා සාමාජික සාමාජිකාවන් සියල්ලන්ටම සහ ඔවුන්ගේ පවුල්වල සාමාජික සාමාජිකාවන් සෙත් පැතීම සිදු කරන ලදී.

 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.