2014 ජාතික ඵලදායීතා සම්මානය ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවට

2014 ජාතික ඵලදායීතා සම්මාන උළෙලේ රාජ්‍ය අංශයේ දෙපාර්තමේන්තු අංශයෙන් පළමු ස්ථානය දිනා ගැනීමට ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව අද සමත්කම් දක්වන ලදී. සම්මාන උලෙල අද (2015 දෙසැම්බර් 15) දින බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවේදී පවත්වන ලදී.

2014 ජාතික ඵලදායීතා සම්මාන උළෙල ජාතික ඵලදායීතා ලේකම් කාර්යාලය මගින් සංවිධානය කරන ලදී.

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානය, දියතලාව ගුවන් හමුදා සටන් පුහුණු පාසල, අංක 04 ප‍්‍රභූ ප‍්‍රවාහන බළගණය සහ ගුවන් යානා ඉංජිනේරු පක්‍ෂාංගය මේ සඳහා මෙහෙයුම්, ඉංජිනේරු, පුහුණු, පර්යේෂන සහ සංවර්ධන හා සුභසාධන යන අංශයන් නියෝජනය කරමින් ඇගයීම් ඉදිරිපත් කරමින් ජාතික ඵලදායීතා සම්මානය ගුවන් හමුදාවට ගෙන ඒමට දායකත්වය දක්වන ලදි.

ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල විසින් ගරු අග‍්‍රාමාත්‍යතුමන් අතින් සම්මානය ලබාගන්නා ලද අතර ගුවන් හමුදා අද්‍යක්‍ෂක මණ්ඩලයේ සාමාජිකයින්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.