ශ්‍රී ලංකා ගුවන් හමුදාව ඉතා අභිමානවත් අන්දමින් 68 වැනි ජාතික නිදහස් දින පෙළපාලියට සහභාගී වෙයි.

ශ්‍රී ලංකා 68 වැනි ජාතික නිදහස් දින සැමරුම අද (2016 පෙබරවාරි 04) වන දින අති උත්කර්ෂවත් අන්දමින් කොළඹ ගාලූ මුවදොර පිටියේදී පැවැත්විණ.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් සහ එම මැතිණියගේ සහභාගීතවයෙන් ඉතා උත්කර්ෂවත් ලෙස පැවැත්වුණු මෙම ඓතිහාසික අවස්ථාවට අග්‍රාමාත්‍යතුමන්, කථානායකතුමන්, බස්නාහිර පළාත් ආණ්ඩුකාරතුමන්, අග්‍රවිනිශ්චයකාරතුමන්, මැති ඇමතිවරුන්, ත්‍රිවිධ හමුදාපතිවරුන් සහ පොලිස්පති, රාජ්‍ය ලේකම්වරුන්, රාජ්‍ය තාන්ත්‍රිකයින් ඇතුලු ආරාධිතයින් විශාල පිරිසක් ද විවිධ ආගමික පූජකතුමන්ලා සහ විවිධ රටවල තානාපතිවරුන් ඇතුලු වීශාල ප්‍රේක්ෂකයින් පිරිසක් ද සහභාගී විය.

අතිගරු ජනාධිපතිතුමන් විසින් මගුල් බෙර හා සක් හඩ මධ්‍යයේ ජාතික කොඩිය ඔසවමින් උත්සවයේ වැඩ කටයුතු ආරම්භ කල අතර ඉන්පසුව අතිගරු ජනාධිපතිතුමන් හා ත්‍රිවිධ හමුදාපතිවරුන් , පොලිස්පතිතුමන් රැදී සිටි විශේෂ පීඨිකාව ඉදිරිපස සිට පාසල් සිසුවියන් 25 දෙනෙකු විසින් ජාතික ගීය සහ තෙරුවන්ගේ අශිර්වාදය ප්‍රාර්ථනා කරමින් 'ජය මංගල ගාථා' සහ 'දේවෝ වස්සතු කාලේන' යන කවි පන්තිය ද ගායනා කරන ලදී.

අනතුරුව සන්නද්ධ හමුදාවන් විසින් පැවැත්වූ ආචාර වෙඩිමුර 21 න් පසු අතිගරු ජනාධිපතිතුමන් විසින් ජාතිය අමතා කථා කරන ලදී.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන්යානා ආචාර පෙළපාලියේ සම්බන්ධීකාරක ලෙස එයාර් කොමඩෝර් සුදර්ශන පතිරණ කටයුතු කරනු ලැබූ අතර එහි මගපෙන්වන්නා ලෙස විංග් කමාන්ඩර් අමිත ජයමහ ද ගුවන් යානා පාලන නිළධාරී ලෙස විංග් කමාන්ඩර් එස් රුවන් පතිරණ ද කටයුතු කරනු ලැබීය.  එම ගුවන්යානා පෙළපාලිය බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් , බෙල් 412 වර්ගයේ හෙලිකොප්ටර් යානා 03ක් ,  එම් අයි 17 වර්ගයේ ප්‍රවාහන හෙලිකොප්ටර් යානා 04ක් , Y - 12 ගුවන් යානා යානා 04ක් , බීච් ක්‍රාෆ්ට් වර්ගයේ යානා 02ක් ,  C‍- 130 වර්ගයේ යානයක් , ඇන්ටනෝව් 32 වර්ගයේ යානයක් , MA 60 වර්ගයේ යානයක් , K-8 වර්ගයේ ජෙට් ගුවන් යානා 03ක් , කෆීර් ගුවන් යානාවක් සහ F‍7 වර්ගයේ ප්‍රහාරක ජෙට් යානා 02ක් ඇතුලුව ගුවන් යානා 23කින් සමන්විත විය. සමස්ථ ගුවන් හමුදා ආචාර පෙළපාලියෙහි අණදෙන්නා ලෙස එයාර් කොමඩෝර් සම්පත් තුයියකොන්තා කටයුතු කල අතර පෙළපාලි අණදෙන්නා ලෙස විංග් කමාණ්ඩර් හියුමාල් ධර්මදාස කටයුතු කරන ලදී. ගුවන් හමුදා නිළධාරීන් 60 දෙනෙක් , ගුවන් භටයින් 720 දෙනෙක් සහ නිළධාරීන් 02 දෙනෙකු , ගුවන් භටයින් 275 දෙනෙකුගෙන් සමන්විත වූ තූර්්‍ය වාදක කණ්ඩායම් දෙකක් ජනාධිපතිතුමන්ට ආචාර කිරීම සදහා පෙළපාලියට එක්වීය.


 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.