ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපතිතුමන් ඕස්ට්‍රේලියානු රණවිරු ස්මාරකයේ සංචාරයක

රාජකීය ඕස්ට්‍රේලියානු ගුවන් හමුදාවේ "ගුවන් බල සතිය - 2016" වැඩසටහනේ සමාරම්භක උත්සවය ඕස්ට්‍රේලියාවේ කැන්බරා හීදී ඕස්ට්‍රේලියානු රණවිරුවන් අනුස්මරණය කරමින් පැවැත්විණ.     

කැන්බරා හී පැවැත්වෙන රාජකීය ඕස්ට්‍රේලියානු ගුවන් හමුදාවේ "ගුවන් බල සතිය - 2016" වැඩසටහනට සහභාගී වී සිටින ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතා 2016 මාර්තු මස 14 වන දින ඕස්ට්‍රේලියානු රණවිරු ස්මාරකයේ සංචාරයක නිරත විය.

පසුව ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතා ජාත්‍යන්තර ආරාධිත අමුත්තන්, අනුග්‍රාහකයින්, ආරක්ෂක නිලධාරීන් සහ ජ්‍යෙෂ්ඨ ඕස්ට්‍රේලියානු රාජකීය ගුවන් හමුදාවේ නිළධාරීන්, කථිකයන් සමගින් පිළිගැනීමේ උත්සවය සඳහා සහභාගී වූහ.

 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.