රාජකීය ඕස්ට්‍රේලියානු ගුවන් හමුදාවේ "ගුවන් බල සතිය - 2016" වැඩසටහන ඕස්ට්‍රේලියාවේ කැන්බරා හීදී ආරම්භ වෙයි

රාජකීය ඕස්ට්‍රේලියානු ගුවන් හමුදාවේ "ගුවන් බල සතිය - 2016" වැඩසටහන   2016 මාර්තු 14 දින සිට 16 දින දක්වා ඕස්ට්‍රේලියාවේ කැන්බරා හී රාජකීය ගුවන් හමුදාව ජාතික සම්මේලන මධ්‍යස්ථානයේදී පැවැත්වෙයි. මෙවර මෙම ගුවන් බල සමුළුවේ තේමාව වන්නේ "බහු-වසම් ඒකාබද්ධතා ඉදිරි ඒකාබද්ධ සාර්ථකත්වය තහවුරු කිරීම" වේ.

මෙම ගුවන් බල සමුළු සතියේ වැඩසටහනක් ලෙස 2016 මාර්තු 17 වන දින සර් රිචඩ් විලියම්ස් පදනමේ සම්මන්ත්‍රණයක් පැවැත්වේ. මීට අමතරව නියෝජිතයින්ගේ භාර්යාවන් සඳහා වූ වැඩසටහනට රොන්ඩා ඩේවිස් මහත්මිය මගින් සත්කාරකත්වය දරනු ලබන අතර මෙම වැඩසටහන සඳහා සමාජ ජාලකරණ හා සිදුවීම් ගණනාවක් ද ඇතුළත් වේ.

ජාත්‍යන්තර නියෝජිතයින් 63ක් සහ ඕස්ට්‍රේලියානු හමුදා හා රජයේ නියෝජිතයින් සැලකිය යුතු සංඛ්‍යාවකට මේ සඳහා ආරාධනා කර ඇත.  
මේ සඳහා දැනට 1000 ක් පමණ නියෝජිතයින් සහභාගී වන බව වාර්තා වේ.

ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතා ද මෙම කැන්බරා හී පැවැත්වෙන රාජකීය ඕස්ට්‍රේලියානු ගුවන් හමුදාවේ "ගුවන් බල සතිය - 2016" වැඩසටහනට සහභාගී වී සිටී.

 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.