මුලතිව් ගුවන් හමුදා කඳවුර ගුවන් හමුදාධිපතිතුමන්ගේ වාර්ෂික පරීක්‍ෂණයට

ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතා විසින් පසුගිය 2016 අපේ‍්‍රල් මස 01 වන දින මුලතිව් ගුවන් හමුදා කඳවුරෙහි තම වාර්ෂික පරීක්‍ෂණය සිදුකරන ලදී.

කඳවුරු අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් ටීඑම්ඒබී මයුරවාසල විසින් ගුවන් හමුදාධිපතිතුමන් කඳවුර වෙත පිළිගනු ලැබූ අතර ගුවන් හමුදාධිපති සම්මාන පිරිනමනු ලැබු මාර්ග පෙල ඛණ්ඩය සඳහා ෆ්ලයිට් ලෙෆ්ටිනන්ට් එන්කේ තිලකරත්න විසින් අණදෙන ලදි.


අනතතුරුව, කඳවුරෙහි අළුතින් ඉදිකරන ලද කෝප‍්‍රල්වරුන්ගේ සමාජ ශාලාව සහ ගුවන් භට සමාජශාලාව විවෘත කිරීම ගුවන් හමුදාධිපතිතුමන් විසින් සිදු කරන ලදී. 18731 බලපන්ති සැරයන් මෙන්ඩිස් ඒපීඑන්එන් (මෙහෙයුමි භුමි)  ගුවන් හමුදාධිපතිතුමන්ගේ ඇගයීමට ලක්කෙරිණි.

පරීක‍ෂණය අවසානයේදී ගුවන් හමුදාධිපතිතුමන් කඳවුරේ සියලුම නිළධාරීන් සෙසු නිළයන් සහ සිවිල් සේවක මහත්ම මහත්මීන් අමතන ලදී. එහිදී ගුවන් හමුදාධිපතිතුමන්ගේ වාර්ෂික පරීක්‍ෂණය වෙනුවෙන් කඳවුර සූදානම් කිරීම සම්බන්ධයෙන් සියළුම කඳවුරු සාමාජික සමාජිකාවන්ට තුති පළකරන ලදී.

 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.