ධූරයෙන් විශ‍්‍රාම යන පොලිස්පතිතුමන් ගුවන් හමුදාධිපතිතුමන් හමුවෙයි

ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතා සහ ධූරයෙන් විශ‍්‍රාම යන පොලිස්පති එන්කේ ඉලංගකෝන් මහතා අතර හමුවක් 2016 අපේ‍්‍රල් මස 07 වන දින ගුවන් හමුදා මූලස්ථානයේදී සිදුකරන ලදී.

එහිදී ගුවන් හමුදා වර්ණ බලඝණය විසින් පොලිස්පතිතුමන් වෙත ගෞරව සම්මාන මුරයක්ද පිරිනමන ලද අතර පෙළපාලි පරීක්‍ෂාවෙන් අනතුරුව ගුවන් හමුදාධිපතිතුමන් විසින් එතුමන් ඉතා උණුසුම් අයුරින් ගුවන් හමුදා මූලස්ථානය වෙත පිළිගන්නා ලදී. මෙම අවස්ථාව සදහා කොළඹ කදවුරු අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් ප‍්‍රසන්න පායෝ ඇතුලු නිළධාරීහු පිරිසක්ද සහභාගී වූහ.

අනතුරුව ගුවන් හමුදාධිපතිතුමන් සහ පොලිස්පතිතුමන් අතර සුහද සංවාදයක් සිදු කෙරුණු අතර මෙම හමුවීම සිහිපත් විම පිණිස දෙපාර්ෂවය අතර සමරු ඵලක හුමවාරුවක්ද සිදු කර ගන්නා ලදීග සංචාරය අවසානයේ පොලිස්පතිතුමන් ගුවන් හමුදා මාණ්ඩලික ප‍්‍රධානීතුමන් සහ ගුවන් හමුදා අධ්‍යක්‍ෂක මණ්ඩලයද හමුවිය.


 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.