මොරවැව ප‍්‍රදේශයේ ප‍්‍රජා සංවර්ධන වැඩසටහනක්

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින් පසුගිය අපේ‍්‍රල් මස 08 වන දින  මොරවැව ප‍්‍රදේශයේ දී ප‍්‍රජා සත්කාරක වැඩසටහන් මාලාවක් දියත් කරන ලදී. එමගින් මොරවැව ප‍්‍රදේශයේ අඩු පහසුකම් සහිත පෙර පාසල් දූ දරුවන් සහ මොරවැව ගුවන් හමුදා කඳවුර අවට ප‍්‍රදේශවාසීන් හට ප‍්‍රතිලාභ හිමිවිය.

මෙම වැඩසටහන් මාලාව මොරවැව ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරීතුමන්ගේ ඉල්ලීමකට අනුව ගවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී සමන්ති බුලත්සිංහල මහත්මියගේ අණු දැනුම මත සිදු කරන ලදී.

ප‍්‍රදේශයේ පෙරපාසල් දරු දැරියන් 53 දෙනෙකු හට පාසල් උපකරණ ලබාදීමක් සිදු කරන ලදී. එසේම ඇස් කණ්නාඩි 184 ක් ප‍්‍රදේශයේ ජනතාව වෙනුවෙන් බෙදා දෙන ලදී. දන්ත වෛද්‍ය සායනයක්ද ඒපීඑල් සලොජිස්ටික් ලන්කා ෆ්‍රෙයිට් ෆෝවරඩින්ග් පුද්. සමාගමේ අනුග‍්‍රහයෙන්  පාසල් කිහිපයකට පරිගණක පරිත්‍යාග කිරීමද සිදු කරන ලදී.  එසේම මොරවැව ගුවන් හමුදා කඳවුර විසින් ඒ පී එල් එල් හි අධ්‍යක්‍ෂක දිලීප දිසානායක මහතා සහ ආලකමන්දාව රිසෝට් හි කළමණාකරන අධ්‍යක්‍ෂක සාලිය රවින්ද‍්‍ර මහතාගෙන් කරන ලද ඉල්ලීමකට අනුව  අඩුපහසුකම් සහිත මානසික ආබාධ සහති වූ පවුලකට නිවසක් තනාදීමට සහ මුලදින් ආධාර ලබාදීමද සිදු කරන ලදී. එහි මුල්ගල තැබීමේ උකත්සය එදිනම ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනිි සමන්ති බුලත්සිංහල මහත්මියගේ ප‍්‍රධානත්වයෙන් සිදු කරන ලදී.

ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සාමාජිකාවන් පිරිසක්, සේවා වනිතා ඒකකයේ නිළධාරීන්, මොරවැව ගුවන් හමුදා කඳවුරු අණදෙන නිලධාරී විංග් කමාන්ඩර් සීඩීආර් ගුණවර්ධන, ඒපීඑල් පුද්ගලික සමාගමේ සාමාජිකයින්මෙරවැව ගුවන් හමුදා කඳවුරේ නිළධාරීන් ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.