සලාක සහායක මූලික පාඨමාලාව විසිර යයි

 සීගිරිය ගුවන් හමුදා කඳවුරේ පිහිටි ගුවන් හමුදා සත්කාරක කළමණාකරණ පාසලේ පවත්වන ලද 2/2015 සලාක සහායක මූලික පාඨමාලාවේ සහතික පත් ප‍්‍රදානය පසුගිය අපේ‍්‍රල් මස 26 වන දින සත්කාරක කළමණාකරණ පාසලේදී සිදුකරන ලදී.

මාස පහක කාලයක් මුළුල්ලේ හදාරන ලද මෙම පාඨමාලාව, මුළුතැන්ගෙය පිළිවෙල, ආහාර මෙනු සැකසීම, නැගෙනහිර සහ බටහිර ආහාර සැකසීම, අතුරුපස සැකසීම, සෝස් සහ පේස්ටි‍්‍ර සැකසීම,  සනීපාරක්‍ෂාව, භොජන සංග‍්‍රහ පිළිවෙල, සාමාන්‍ය පරිපාලන සහ ඉංග‍්‍රිසි භාෂාව යන විෂයන්ගෙන් සමන්විත විය.

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කඳවුරේ පිහිටි ගුවන් හමුදා ප‍්‍රසම්පාදන සහ ටෙන්ඩර් අංශයේ ප‍්‍රසම්පාදන නිළධාරී ගෘාප් කැප්ටන් එස්ආර් උඩකුඹුරගේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී විය.

මෙහිද් පුහුණුව ලැබූ ගුවන් භටයින් 12 දෙනෙකු පාඨමාලාව සාර්ථකව නිම කොට සහතික පත් ලබා ගන්නා ලදී. හොඳම ශිෂයෘට හිමි සම්මානය 46671 ගුවන් භට වීරසිංහ ඩබ්එම්පීසී විසින් දිනා ගන්නා ලදී.

සීගිරිය ගුවන් හමුදා කවුරු අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් එල්එච්එන් ජයතිලක, සත්කාරක කළමණාකරන පාසලේ ප‍්‍රධාන උපදේශක ස්කොඩ්රන් ලීඩර් කේජීබීඑම්එස් කුලරත්න, නිළධාරීන් සෙසු නිළයන් ඇතුළ රසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

    

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.