ගුවන් හමුදාධිපතිතුමාගේ වාර්ෂික පරීක්‍ෂණය ගුවන් හමුදා හිගුරක්ගොඩ කදවුරේදී

ගුවන් හමුදාධිිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මැතිතුමාගේ් වාර්ෂික කඳවුරු පරීක්ෂණය 2016 මැයි මස 27 වන දින ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව හිගුරක්ගොඩ මූලික කඳවුරේදී පවත්වන ලදී.

ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව හිගුරක්ගොඩ මූලික කඳවුරේ අණදෙන නිළධාරී සමිපත් වික‍්‍රමරත්න විසින් ගුවන් හමුදාධිපතිතුමන්ව පිළිගනු ලැබූ අතර එහිදී පෙළපාලියක් මගින් එතුමන් වෙත උපහාර පුද කරන ලදී.

මෙහිදී පසුගිය වර්ෂය තුළ කළ විශිෂ්ඨ සේවාව අගයමින් 23516 බල සැරයන් රත්නායක (ගුවන්යානා විද්්‍යුත් හා මෙවලමි ශිල්පී විශේෂ 1) සහ සුසන්ත රාජපක්‍ෂ (අරක්කැමි) සිවිල් මහතා වෙත ගුවන් හමුදාධිපති සම්මාන පිරිනමනු ලැබීය.

මෙම නිරීක්‍ෂණය අතරතුර ගුවන් හමුදාධිපතිතුමන් සියලු අංශයන් පරීක්‍ෂා කල අතර  කැපකිරීමි සහ වෙහෙස මහන්සි වී සිදු කර ඇති වැඩ කටයුතු සදහා සියලු නිළධාරීන් සහ සෙසු නිළයන් අමතා ඒ පිළිබදව අගය කරන ලදි. අවසාන වශයෙන් ඉදිරි වසර තුල මීටත් වඩා වැඩි ඉලක්ක කරා ගමන් කරමින් කදවුර නගා සිටුවීමට එතුමන් විසින් කදවුරේ සියලු නිළයන් අමතමින් ඔවුන් දිරිමත් කරන ලදි.

 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.