අන්තර් ඒකක මල්ලවපොර ශූරතාවලිය - 2016

අන්තර් ඒකක මල්ලවපොර ශූරතාව 2016 කටුනායක ගුවන් හමුදා කදවුරේ ගෘහස්ථ කි‍්‍රඩාංගනයේදී 2016 මැයි මස 27 වන පවත්වන ලදි.

ශී‍්‍ර ලංකා ගුවන් හමුදා කටුනායක කදවුරේ රෙජිමෙින්තුව සහ ශී‍්‍ර ලංකා ගුවන් හමුදා චීන වරාය විද්‍යාපීඨය පිළිවෙලින් පිරිමි සහ කාන්තා ශූරතා දිනා ගැනීමට සමත් විය. මෙම තරගාවලියේ පිරිමි සම අනුශූරතාවය දිනා ගැනීමට ශී‍්‍ර ලංකා ගුවන් හමුදා අනුරාධපුරය සහ ශී‍්‍ර ලංකා ගුවන් හමුදා කොළඹ කදවුර සමත්කමි දැක්වූ අතර කාන්තා අනුශූරතාවය සදහා ශී‍්‍ර ලංකා ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසැල හිමිකමි කියන ලදි.

පරිපාලන අධ්‍යක්‍ෂක එයාර් වයිස් මාර්ෂල් චන්දන වැලිකල ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මෙම අවස්ථාව සදහා සහභාගී වු අතර ශී‍්‍ර ලංකා ගුවන් හමුදා මල්ලවපොර සංචිතයේ සභාපති එයාර් කොමඩෝර් පි‍්‍රයන්ත වීරසිංහ ඇතුලු නිළධාරීන් සහ සෙසු නිළයන් පිරිසක් මෙම අවසාන තරගය නැරඹීම සදහා සහභාගී විය.

හොදම තාක්‍ෂණික මල්ලව ශූරයා - පිරිමි

නායක ගුවන් භට වික‍්‍රමසිංහ ඩබිසීඑස්ඩී - ශී‍්‍ර ලංකා ගුවන් හමුදා කොළඹ කදවුර

හොදම තාක්‍ෂණික මල්ලව ශූරයා - කාන්තා
නායක ගුවන් භට බණ්ඩාර එමිසීඑමි - ශී‍්‍ර ලංකා ගුවන් හමුදා මුලික පුහුණු පාසැල දියතලාව

 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.