2016 ආරක්‍ෂක සේවා පාපැදි තරඟාවළියේ ජය ගුවන් හමුදාවට

9 වන ආරක්‍ෂක සේවා පාපැදි තරඟාවළියේ  කාන්තා සහ පිරිමි ශූරතාවය දිනා ගැනීමට ශ‍්‍රී ලංකා ගුවන් හමුදා පාපැදි කණ්ඩායම සමත්කම් දක්වන ලදී. තරඟාවළිය පසුගිය ජූනි මස 11 වන දින පවත්වන ලදී.

පිරිමි තරඟය වැලිසර නාවික හමුදා කඳවුර අසලින් ආරම්භ වූ අතර කටුනායක, මාදම්පේ, ගිරිඋල්ල, සීදූව හරහා කි.මී. 156 ක් දුර ගෙවා ආරම්භක ස්ථානයෙන් අවසන් විය.

සැරයන් ජීවන් ජයසිංහ සහ නායක ගුවන් භට නවීන් රුචිර විසින් පිලිවෙලින් පිරිමි තරඟයේ දෙවන සහ තුන්වන ස්ථාන දිනා ගන්නා ලදී. එහි කණ්ඩායම් හූරතාවය ගුවන් හමුදා කණ්ඩායම විසින් දිනා ගන්නා ලදී.

කාන්තා තරඟයද එම ස්ථානයෙන්ම ආරම්භ වූ අතර තරඟ කි.මී. 32 ක දුරකින් යුක්ත විය. එහිදී ශ‍්‍රී ලංකා ගුවන් හමුදා පාපැදි කන්ඩායම නියෝජනය කල නායක ගුවන් කාන්තා තාරුනී පංචලී පළමු ස්ථානය දිනා ගනු ලැබූ අතර නායක ගුවන් කාන්තා ඉරේෂා මධුෂානි සහ නායක ගුවන් කාන්තා දිනේෂා දිල්රුක්‍ෂි විසින් පිළිවෙලින් දෙවන සහ තුවන් වන අස්ථාන දිනා ගන්නා ලදී. එහි කණ්ඩායම් හූරතාවයද ගුවන් හමුදා කාන්තා පාපැදි කණ්ඩායම විසින් දිනා ගන්නනා ලදී.

යුධ හමුදා තූර්ය වාදක අධ්‍යක්‍සක ජෙනරාල්, හෙම්ජර් ජෙනරාල් එම්එච්පී මිහිඳුකුලසූරිය ත්‍යාග ප‍්‍රධානෝත්සවයේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වූ අතර ගුවන් හමුදා පාපැදි සංචිතයේ සභාපති එයාර් වයිස් මාර්ෂල් සුමංගල ඩයස් සහ කමිටු නිළධාරීන් රැුසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.