ගුවන් හමුදාධිපති වාර්ෂික පරීක්‍ෂනය ශ්‍රී ලංකා ගුවන් හමුදා වන්නි රෙජිමේන්තු පුහුණු පාසල

ගුවන් හමුදාධිපති වාර්ෂික පරීක්‍ෂනය සිදු කරමින් වන්නි රෙජිෙමින්තු පුහුණු පාසලේ වාර්ෂික පරීක්‍ෂනය ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතා විසින් පසුගියදා (2016 ජුනි මස 26) සිදු කරන ලදි.

වාර්ෂික පරීක්‍ෂනය සිදු කිරීම සදහා කඳවුර වෙත පැමිණි ගුවන් හමුදාධිපතිතුමන් එම කඳවුරේ අණදෙන නිළධාරී විංග් කමාණ්ඩර් රුක්මන් දසනායක විසින් අණදුන් සමිමාන මුර පෙළපාලියක් මගින් පිළිගනු ලැබූහ.

පරීක්‍ෂනය සිදු කරමින් කවුරේ සියලූ අංශයන් ගුවන් හමුදාධිපතිතුමන් විසින් නිරීක‍ෂණය කල අතර පසුගිය වර්ෂය තුළ කවුරේ සේවාවන් හා කවුරෙහි කාර්‍යන් වෙනුවෙන් ලබාදුන් පොදු දායකත්වය අගයමින් 18030 සැරයන් ඉක්බාල් ඒඒඑමි (අවිකරු), 21714 සැරයන් ස්වර්ණසිරි කේ ඒ එස් සී (අවිකරු) යන අය ගුවන් හමුදාධිපති සම්මානයෙන් පිදුම් ලැබීය.

පරීක්‍ෂනය අවසානයේදී ගුවන් හමුදාධිපතිතුමා විසින් කඳවුරේ සියලූම නිළධාරීන් , සෙසු නිළයන් හා සියලූම සිවිල් සේවකයින් හට කඳවුරු සංවිධානය වෙනුවෙන් කරන ලද වැඩ පිලිවෙල වෙනුවෙන් ස්තූති කල අතර අනාගතයේදී ඉහල ඉලක්ක කරා ගමන් කිරීමට ඔවුන් දිරිමත් කිරීම එතුමන් විසින් සිදු කරන ලදි.

 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.