විරුසර වරප්‍රසාද කාඩිපත් බෙදා දීමේ දෙවන අදියර පොළොන්නරුවේදී සාර්ථකව නිමා වෙයි.

පොළොන්නරුව දිස්ත්‍රීක්කයේ රණවිරු පවුල් සදහා විරුසර වරප්‍රසාද කාඩිපත් බෙදා දීමේ දෙවන අදියර අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් හිගුරක්ගොඩ රජරට විද්‍යාලීය පරිශ්‍රයේදී පසුගියදා (2016 ජුනි මස 27) සාර්ථකව සිදු කරන ලදි.

දෙවන අධියර යටතේ මියගිය රණවිරුවන් සහ ආබාධිත පුද්ගලයන්ගේ පවුල්වල සාමාජිකයන් 700 කට අධික පිරිසක් සඳහා වරප්‍රසාද කාඩිපත ප්‍රධානය කල අතර ප්‍රතිලාභ වශයෙන් රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවා රැසක් ලැඛෙනු ඇත. වෛද්‍ය සහනාධාර,ආහාර වර්ග,ප්‍රවාහනය,රෝහල් ප්‍රතිකාර, ණය පහසුකමි, අධ්‍යාපන පාඨමාලා ඇතුළු සේවා ඒ අතරින් කිහිපයක් වේ.
 
මේ අතරින් උතුරු නැගෙනහිර යුද්ධයෙන් පීඩාවට පත් සිංහල,දෙමළ, මුස්ලිමි සිසුන් 19 දෙනෙකු සඳහා ශිෂ්‍යත්ව ප්‍රදානය කරන ලදි.

ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු රුවන් විජේවර්ධන මහතා, ගරු අමාත්‍යවරුන්, රණවිරු සේවා අධිකාරියේ සභාපතිනී,ආරක්‍ෂක  මාණ්ඩලික ප්‍රධානී,ත්‍රිවිධ හමුදාපතිවරුන්,ත්‍රිවිධ හමුදා ජේෂ්ඨ නිළධාරීන්, පොලිස් හා සිවිල් ආරක්‍ෂක  බලකායේ නිළධාරීන්, සමිභාවනීය ආරාධිත අමුත්තන් ඇතුළු  මියගිය සහ අබාධිත රණවිරු පවුල් වල සාමාජික සාමාජිකාවන් පිරිසක් මෙම උත්සව අවස්ථාව සදහා සහභාගී විය.

 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.