ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් සංවිධානය කල ඉෆ්තාර් රාමසාන් උළෙලක් ඊගල්ස් ලේක්සයිඩි හෝටලයේදී

මුස්ලිමි පුද්ගලයන්ගේ උපවාස කාලය නිම කිරීම නිමිත්තෙන් රාමදාන් ඉෆ්තාර් උළෙලක් අත්තිඩිය  ඊගල්ස් ලේක්සයිඩි උත්සව සහ සම්මේලන ශාලාවේදී පසුගියදා (2016 ජුනි මස 27) පැවැත්වුණි.

ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතා මෙම අවස්ථාව සදහා විශේෂ ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ අතර මේ සදහා විශේෂ වැඩසටහන් කිහිපයක්ද සිදු කෙරිණි. මේ තුලින් ගුවන් හමුදා සාමාජිකයන් අතර ආගමික සහයෝගීතාවය වර්ධනය කිරීම බලාපොරොත්තු වේ.

ඉෆ්තාර් උළෙල අතරතුර අල්ලා දෙවියන්ට යාඤා කර අපේ මාතෘ භූමිය ආරක‍ෂා කිරීම සදහා කැපකිරීමි කල ගුවන් හමුදා සේවා පුද්ගලයන් වෙනුවෙන් ආශිර්වාද ලබා දෙන ලදි.

මෙම උත්සවය සංවිධානය කිරීම කඳවුරු අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් සුදර්ශන පතිරණ සහ ගෘෘප් කැප්ටන් අයුබි ජබීර්ගේ අධීක්‍ෂණය යටතේ සිදු විය.

ශ්‍රී ලංකා ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාර්ෂල් රනිල් ගුරුසිංහ, ගුවන් හමුදා අධ්‍යක‍ෂක මණ්ඩලය, රත්මලාන කදවුරේ ඒකක අණදෙන නිළධාරීන් ඇතුලූ සියලූම මුස්ලිම් ගුවන් හමුදා පුද්ගලයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජික සාමාජිකාවන් උත්සවය සඳහා සහභාගී විය.

 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.