ශී‍්‍ර ලංකා ගුවන් හමුදා දියතලාව සටන් පුහුණු පාසල මගින් වැල්ලවාය මෙත්-සෙවණ පදනමේ ආබාධිත වැඩිහිටි හා ළමුන් සඳහා ආධාර බෙදා දීමේ වැඩසටහනක්

ශී‍්‍ර ලංකා ගුවන් හමුදා දියතලාව සටන් පුහුණු පාසල මගින් වැල්ලවාය හදපානාගල මෙත් සෙවන පදනම මගින් පවත්වාගෙන යනු ලබන ළමා හා වැඩිහිටි නිවාසයේ  ආබාධිත වැඩිහිටි සහ ළමුන් සදහා ආධාර බෙදා දීමේ වැඩසටහනක් 2016 ජුනි මස 23 වන දින එම නිවාස පරිශ‍්‍රයේදී සිදු කරන ලදි.

මෙත්-සෙවණ පදනම විසින් කරන ලද ඉල්ලීමක් මත ශී‍්‍ර ලංකා ගුවන් හමුදා දියතලාව සටන් පුහුණු පාසලේ සේවය කරනු ලබන සේවා පුද්ගලයන් විසින් මෙම වැඩසටහන කි‍්‍රයාත්මක කරන ලදි.

පුහුණු පාසලේ සේවා පුද්ගලයින් විසින් ස්වෙචිජාවෙන් ලබා දුන් වියලි ආහාර, ඇදුම් පැළඳුම්, භාණ්ඩ වර්ග සහ බීම වර්ග වල එකතුවක් මෙහිදී ප‍්‍රධානය කරන ලදි.

අනතුරුව එම පරිශ‍්‍රයේදී ශ‍්‍රමදාන ව්‍යාපාරයක් සිදු කරමින් නිවාසය සහ අවට ප‍්‍රදේශය පිරිසිදු කිරීමක්ද සිදු කරන ලදි.

 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.