අංක 05 පරිපාලන හා කළමනාකරණ කාර්‍ය සාධන සංවර්ධන වැඩමුළුව නිමා වෙයි

කඳවුරු අණදෙන නිළධාරීන් සදහා පැවැත්වූ අංක 05 පරිපාලන හා කළමනාකරණ කාර්‍ය සාධන සංවර්ධන වැඩමුළුව 2016 ජූනි මස 27 වන දින සිට 2016 ජුනි මස 29 වන දින දක්වා චීන වරාය ශ‍්‍රී ලංකා ගුවන් හමුදා විද්‍යාපීඨයේදී පවත්වන ලදී.

මෙම පුහුණු වැඩමුළුව පැවැත්වීමේ මුලික අරමුණ වූයේ ආයතන සංස්කෘතීන් හා පරිපාලන පරිසරය තුළ අභියෝග වලට මුහුණ දීමට ශී‍්‍ර ලංකා ගුවන් හමුදා මුලික කඳවුරු අණදෙන නිළධාරී සහ අණදෙන නිළධාරීන්ගේ පරිපාලන හා කළමනාකරණ කාර්ය සාධන හැකියාව වර්ධනය කිරීමයි. එසේම ගුවන් හමුදා කී‍්‍රයා පටිපාටිය සහ රෙගුලාසි වර්ධනය කිරීම තුළින් ගුවන් හමුදාවේ ප‍්‍රමිතිය සහ සාර්ධර්ම වර්ධනය කිරීම අරමුණු වෙයි.

මෙම පුහුණු සැසිය දේශන හා විෂය භාෂා ගණනක පලපුරුද්දක් ඇති උපදේශකයන් විසින් මෙහෙයවන ලද අතර ඵලදායි සාකච්ජා සැසි සමග පුලුල් විෂය පථයක් ආවරණය කරන ලදි.

 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.