අන්තර් ඒකක වෙඩි තැබීමේ තරගාවලිය - 2016

ශී‍්‍ර ලංකා ගුවන් හමුදා අන්තර් ඒකක වෙඩි  තැබීමේ තරගාවලිය ශී‍්‍ර ලංකා ගුවන් හමුදා අමිපාර වෙඩි  පිටියේදී  2016 ජුලි මස 02 වන දින පැවැත්වුණු අතර එහි පිළිවෙලින් ශ්‍රී ලංකා ගුවන් හමුදා මොරවැව කදවුර සහ ශී‍්‍ර ලංකා ගුවන් හමුදා සටන් පුහුණු පාසල පිරිමි සහ කාන්තා ශූරතාවයන් හිමි කර ගන්නා ලදි.

මෙම තරගාවලියේදී පිළිවෙලින් ශී‍්‍ර ලංකා ගුවන් හමුදා අම්පාර කදවුර සහ ශී‍්‍ර ලංකා ගුවන් හමුදා චීන වරාය විද්‍යාපීඨ කදවුර පිරිමි සහ කාන්තා අනුශූරතාවයන් හිමි කර ගන්නා ලදි.

මෙම තරගාවලියේ ත්‍යාග ප‍්‍රදානෝත්සවය සදහා ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශී‍්‍ර ලංකා ගුවන් හමුදා මාණ්ඩලික ප‍්‍රධානී එයාර් වයිස් මාර්ෂල් රනිල් ගුරුසිංහ මහතා සහභාගී වූ අතර ගුවන් හමුදා වෙඩි තැබීමේ සංචිතයේ සභාපති සහ ශී‍්‍ර ලංකා ගුවන් හමුදා මෙහෙයුම් භූමි අධ්‍යක්‍ෂක එයාර් වයිස් මාර්ෂල් කි‍්‍රෂාන් යහම්පත්, සිවිල් ඉංජිනේරු අධ්‍යක්‍ෂක එයාර් කොමඩෝර් රුචිර සමරසිංහ, ශී‍්‍ර ලංකා ගුවන් හමුදා අම්පාර කදවුරේ අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් පීටර්සන් ප‍්‍රනාන්දු ඇතුලු නිළධාරීන් සෙසු නිළයන් පිරිසක් සහභාගී විය.

පිරිමි කේවල අංශයේ ජයග‍්‍රාහකයන්

නාගුභ සමරකෝන් එස්එම්ටීඑස්කේ (ශී‍්‍රලංගුහ මොරවැව) - පළමු ස්ථානය
නාගුභ බණ්ඩාර එස්කේජීඑන්එස් (ශී‍්‍රලංගුහ මොරවැව) - දෙවන ස්ථානය
ෆ්ලයින් ඔෆිසර් එස්ඒඩීඑම්ඩී මහීපාල (ශී‍්‍රලංගුහ හිගුරක්ගොඩ) - තෙවන ස්ථානය

කාන්තා කේවල අංශයේ ජයග‍්‍රාහකයන්
නාගු කාන්තා ජයසිංහ ආර්එන්එස් (ශී‍්‍රලංගුහ හිගුරක්ගොඩ) - පළමු ස්ථානය
නාගු කාන්තා මදුමාලි ඩබිඑච්එම්පී (දියතලාව සටන් පුහුණු පාසල) - දෙවන ස්ථානය
නාගු කාන්තා මදුෂාණි එස්එල් (ශී‍්‍රලංගුහ මඩකළපුව) - තෙවන ස්ථානය

කේවල අංශයේ හොදම නිළධාරි
ෆ්ලයින් ඔෆිසර් එස්ඒඩීඑම්ඩී මහීපාල (ශී‍්‍රලංගුහ හිගුරක්ගොඩ)

 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.