ඊශ‍්‍රායල් ගුවන් හමුදා ශිෂ්‍ය භට උපාදි ප‍්‍රදානෝත්සවය සහ ගුවන් නියමුවන්ගේ විසිරයාමේ පෙළපාලිය

ඊශ‍්‍රායල් රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යංශයේ ආරාධනාවක් මත ශී‍්‍ර ලංකා ගුවන් හමුදාධීපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතා එරට පැවති ගුවන් හමුදා ශීෂ්‍ය භට නියමු පාඨමාලාවේ උපාදි ප‍්‍රදානෝත්සවය සහ ගුවන් නියමුවන්ගේ විසිරයාමේ පෙළපාලියට සහභාගී වීම සදහා 2016 ජුනි මස 29 දින සිට 2016 ජුලි මස 03 වන දින දක්වා ඊශ‍්‍රායලයේ නිළ සංචාරයක නිරත විය.

මෙම උපාදි ප‍්‍රදානෝත්සවය සහ විසිර යාමේ පෙළපාලිය සදහා එරට ජනාධිපති අතිගරු රෙවුවන් රිවුලින්, අග‍්‍රමාත්‍ය ගරු බෙන්ජමින් නෙතන්යාහු සහ ආරක්‍ෂක අමාත්‍ය ගරු අවිග්ඩෝර් ලිබර්මාන් යන මහත්වරුන් සහභාගී විය.

මෙම සංචාරය දෙපාර්ෂවය අතර දිර්ඝකාලීන ආරක්‍ෂක සබදතාවයන් වැඩි කිරීමටද හේතු විය. තවද මෙම සංචාරය තුලින් පද්ධතියන් පවත්වාගෙන යාම සදහා ඉතා වැදගත් වන තොරතුරු සාකචිජා කිරීමට හා උපදෙස් ලබා ගැනීමටද පහසුකම් සපයන ලදි. ගුවන් හමුදාධිපතිතුමන් විසින් ඊශ‍්‍රායල් රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යංශය යටතේ තිබෙන ඊශ‍්‍රායල් ගුවන් හමුදාවේ කදවුරු කිහිපයක සංචාරය කිරීමද මෙහිදී සිදු කරන ලදි.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.