අංක 66 අධිකාරී නොලත් නිළධාරී කළමනාකරණ පාඨමාලාව නිමා වෙයි

අංක 66 අධිකාරී නොලත් නිළධාරී කළමනාකරණ පාඨමාලාව නිමා කරමින් සහතික පත් ප‍්‍රදානය 2016 ජුලි මස 07 වන දින ගුවන් හමුදා චීන වරාය විද්‍යාපීඨ කඳවුරු ඇස්ට‍්‍රා රඟහලේදී පවත්වන ලදි.

සුබසාධක අධ්‍යක්‍ෂක අංශයේ ජ්‍යෙෂ්ඨ නිළධාරීණී එයාර් කොමඩෝර් පීඞීඒ මාරිස්ටෙලා ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මෙම අවස්ථාවට සහභාගී වූ අතර චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨයේ පීඨාධිපති එයාර් කොමඩෝර් පීඞීකේටී ජයසිංහ මෙම අවස්ථාවට එක් විය.

මෙම පාඨමාලාව පවත්වාගෙන යාමේ මූලික අරමුණ වනුයේ ශී‍්‍ර ලංකා ගුවන් හමුදාව තුල සිටින අධිකාරී නොලත් නිළධාරීන් තුල නායකත්ව ගුණාංග දියුණු කර අධ්‍යාපන හා කළමනාකරණ දැනුම වර්ධනය කිරීමයි. පාඨමාලාව සති 11 ක කාළයක් පුරා නියමිත විෂය නිර්දේශයකට අනුව පැවැත්වුණු අතර පාඨමාලාවේ මිනුම් තලයන් සමිපූර්ණ කල සියලූ අධිකාරී නොලත් නිළධාරීන් හට කළමනාකරණය පිළිබද සහතික පත් ප‍්‍රධානය කරන ලදි.

මෙම පාඨමාලාව සදහා ගුවන් හමුදා ජ්‍යෙෂ්ඨ අධිකාරී නොලත් නිළධාරීන් 39 ක්ද කනිෂ්ඨ අධිකාරී නොලත් නිළධාරීන් 39 ක්ද යුධ හමුදාවෙි ජ්‍යෙෂ්ඨ අධිකාරී නොලත් නිළධාරීන් 02 ක්ද නාවික හමුදාවේ ප‍්‍රධාන සුලු නිළධාරීන් 01 ක්ද ඇතුලුව 81 දෙනෙකු මෙම පාඨමාලාව සාර්ථකව නිමා කරන ලදි.

කනිෂ්ඨ අංශයේ සෑම අතින්ම දක්‍ෂතම ශිෂ්‍යයා ලෙස සම්මාන හිමි කර ගැනීමට කනිෂ්ධ අණනොලත් නිළධාරී 30597 කෝප‍්‍රල් බණ්ඩාර වයිඑමිආර්එස් යන අය සමත් වූ අතර ජ්‍යෙෂ්ඨ අංශයේ සෑම අතින්ම දක්‍ෂතම ශිෂ්‍යයා ලෙස සම්මාන හිමි කර ගැනීමට ශී‍්‍ර ලංකා නාවික හමුදාවේ ඒඊ/48360 ප‍්‍රධාන සුලු නිළධාරී ඩබිඒඒ පි‍්‍රයලාල් යන අය සමත් විය.

විශේෂ සමිමාන ලාභීන් පහත සදහන් පරිදි ෙවි

කළමණාකරන අංශයේ දක්‍ෂතම ශිෂ්‍යයා/ සෑම අතින්ම දක්‍ෂතමයා සහ දක්‍ෂතම කථිකයා - ජ්‍යෙෂ්ඨ
ඒඊ/48360 ප‍්‍රධාන සුලු නිළධාරී ඩබිඒඒ පි‍්‍රයලාල්


සෑම අතින්ම දක්‍ෂතම ශිෂ්‍යයා
30597 කෝප‍්‍රල් බණ්ඩාර වයිඑමිආර්එස් - පරිපාලන සහායක විශේෂ 1

දක්‍ෂතම කථිකයා - කනිෂ්ඨ
22998 කෝප‍්‍රල් ජයන්ත එච් - අවිකරු

ශාරීරික යෝග්‍යතා අතින් දක්‍ෂතමයා - කනිෂ්ඨ

23533 සැරයන් බණ්ඩාර එස්එම්සීපී - අවිකරු

ශාරීරික යෝග්‍යතා අතින් දක්‍ෂතමයා - ජ්‍යෙෂ්ඨ
22921 කෝප‍්‍රල් අෙබිසිංහ ඒඑමිඑස්කේ - අවිකරු


ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.