ශී‍්‍ර ලංකා ගුවන් හමුදා අන්තර් ඒකක වෝටර් පෝලෝ තරඟාවලිය 2016

ශී‍්‍ර ලංකා ගුවන් හමුදා චීන වරාය විද්‍යාපීඨය සහ ශී‍්‍ර ලංකා ගුවන් හමුදා ඒකල වෘත්තීය පුහුණු පාසල පිළිවෙලින් පිරිමි සහ කාන්තා ශූරතාවයන් හිමි කර ගනිමින් 2016 ගුවන් හමුදා අන්තර් ඒකක වෝටර් පෝලෝ තරඟාවලිය පසුගිය ජුලි මස 11 වන දින රත්මලාන ගුවන් හමුදා කදවුරේදී අවසන් විය.

මෙම තරඟාවලියේදී ශී‍්‍ර ලංකා ගුවන් හමුදා අනුරාධපුර කඳවුර සහ ශී‍්‍ර ලංකා ගුවන් හමුදා කොළඹ කඳවුර පිළිවෙලින් පිරිමි සහ කාන්තා අනුශූරතාවයන් හිමි කර ගැනීමට සමත් විය.

මෙම අවස්ථාවට ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතා සහභාගී වූ අතර ගුවන් හමුදා මාණ්ඩලික ප‍්‍රධානී එයාර් වයිස් මාර්ෂල් රනිල් ගුරුසිංහ, ගුවන් හමුදා අධ්‍යක්‍ෂක මණ්ඩලය, ශී‍්‍ර ලංකා ගුවන් හමුදා පිහිණුම් කි‍්‍රඩා සභාපති හා ගුවන් හමුදා පරිපාලන අධ්‍යක්‍ෂක එයාර් වයිස් මාර්ෂල් චන්දන වැලිකල ඇතුලූ නිළධාරීන්, සෙසු නිළයන් පිරිසක් එක්ව සිටියහ.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.