ගුවන් හමුදාධිපතිතුමාගේ වාර්ෂික පරීක්ෂණය ගුවන් හමුදා මූලික කඳවුර අනුරාධපුර

ශී‍්‍ර ලංකා ගුවන්  හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මැතිතුමාගේ වාර්ෂික කඳවුරු පරීක්ෂණය 2016 ජූලි මස 15 වන දින ශී‍්‍ර  ලංකා ගුවන් හමුදාව අනුරාධපුර මූලික කඳවුරේදී පවත්වන ලදී. ශී‍්‍ර  ලංකා ගුවන් හමුදාව අනුරාධපුරය මූලික කඳවුරේ අණදෙන නිළධාරී ගෘෘප් කැප්ටන් වී බී එදිරිසිංහ විසින් ගුවන් හමුදාධිපතිතුමන්ව පිළිගනු ලැබූ අතර එහිදී උත්තමාචාර පෙළපාලියක් මගින් එතුමන් වෙත උපහාර පුද කරන ලදී.

මෙහිදී පසුගිය වර්ෂය තුළ කඳවුර වෙනුවෙන් කළ විශිෂ්ඨ සේවාව අගයමින් 23694 බල/සැරයන් රණසිංහ ආර්ඩීටීඑස් (ආරක්ෂක උපකරණ ශිල්පී),25287 සැරයන් සංජීව පීඩීජේ (පරිපාලන සහයක), 44328 නාගුබ මදුසංක එස් ඒ එස් සී (ගුවන්යානා සැකිලි ශිල්පී),022834 නාගුබ දිසානායක ඩී එම් කේ ජී (ලෝහ තහඩු කාර්මික ශිල්පී)යන සේවා පුද්ගලයන්ට අමතරව එච් ඒ පී විමලානන්ද (කමිකරු) සහ පී යූ ඹ් මෙන්ඩිස් (කමිකරු) යන සිවිල් මහතුන් ගුවන් හමුදාධිපති සම්මානයෙන් පිදුම් ලැබීය.
 
අනතුරුව ගුවන් හමුදාධිපතිතුමන් විසින් කඳවුරු පරීකෂණය සිදුකරමින් සියලූ ස්ථාන පරීකෂා කල අතර කඳවුරු රෝහල් පරිශ්‍රයේ අලූතින් ඉදිකර ස්ථාපිත කරන ලද හදිසි ප්‍රතිතිකාර ඒකකය  විවෘත කරන ලදි.

පරීක්ෂණය අවසානයේදී කඳවුරේ සියලූම නිළධාරීන්, සෙසු නිළයන් හා සියලූම සිවිල් සේවකයන් හට කඳවුරු සංවිධානය වෙනුවෙන් කරන ලද වැඩ පිලිවෙල වෙනුවෙන් ස්තූතිය සිදු කල අතර ගුවන් හමුදාවේ තත්වය උසස් මටිටමින් පවත්වාගෙන යාම සදහා සියලූ දෙනාගේ සහයෝගය සෑම විටම ගුවන් හමුදාව වෙත ලැබිය යුතු බව අවධාරණය කරන ලදි.   

 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.